දේශීය වෛද්‍ය විද්‍යාපීඨයේ නේවාසිකාගාර සඳහා ඉඩම් කොටසක් පවරා දීමට කැබිනට් අනුමැතිය

Published in පුවත්
Wednesday, 24 July 2024 10:34

දේශීය වෛද්‍ය විද්‍යාපීඨයේ නේවාසිකාගාර අවශ්‍යතා සඳහා කොළඹ විශ්ව විද්‍යාලය වෙත ඉඩම් කොටසක් පවරා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.‍

දේශීය වෛද්‍ය විද්‍යා ආයතනයේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවන්ගේ නේවාසිකාගාර අවශ්‍යතාව සඳහා වාරිමාර්‌ග දෙපාර්‌තමේන්තුවට අයත්ව තිබූ හෙක්ටයාර 0.1765ක් පමණ වූ ඉඩම් කොටසක් සහ එහි පිහිටි ගොඩනැගිලි අමාත්‍ය මණ්ඩල අනුමැතිය මත අවුරුදු 50 ක බදු පදනම මත එවකට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත පවරා දී ඇත.

2023-02-13 දිනැති අති විශේෂ ගැසට් නිවේදනය මඟින් දේශීය වෛද්‍ය විද්‍යායතනය කොළඹ විශ්ව විද්‍යාලයේ පීඨයක් බවට පත් කරනු ලැබ ඇති අතර, එම පීඨය විසින් අදාල ඉඩම ශිෂ්‍යාවන්ගේ නේවාසිකාගාර පවත්වාගෙන යාම සඳහා යොදා ගත යුතු බවට තීරණය කරනු ලැබ තිබේ.

ෙඒ අනුව අංක 330, ආචාර්ය එන්.එම්. පෙරේරා මාවත, කොළඹ 8 පිහිටි ඉඩම් කොටස එම පීඨයේ ශිෂ්‍යාවන්ගේ නේවාසිකාගාර අවශ්‍යතා සඳහා යොදා ගැනීමට හැකි වන පරිදි කොළඹ විශ්ව විද්‍යාලය වෙත පවරා දීම පිණිස අධ්‍යාපන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

-P.M

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us