ජවිපෙ වියරුවෙන් ද? මාධ්‍යවේදින්ට කරන තර්ජනය ගැන විරෝධයක් Featured

Published in පුවත්
Wednesday, 24 July 2024 10:28

ජනතා විමුක්ති පෙරමුණේ වසන්ත සමරසිංහ සහ කේඩීකේ ලාල්කාන්ත ප්‍රමුඛව එහි නායකයන් විසින් මෑතකදී ඔවුන්ගේ දේශපාලනය විවේචනය කරන මාධ්‍යවේදීන් ගැන තමන්ගේ ආණ්ඩුවකදී බලා ගන්නවා යනුවෙන් කරන තර්ජනාත්මක ප්‍රකාශ සම්බන්ධයෙන් මේ වන විට සමාජය තුළ විරෝධයක් ගොඩනැගෙමින් පවතී.

ජවිපෙ අතීත ක්‍රියාකාරකම් අනුව මෙම තර්ජනයන් සුළුවෙන් හෝ මැතිවරණ වේදිකා මත කරන හුදු ගැලරි චූන් කරන ප්‍රකාශ ලෙස සැලකිය නොහැක. මේ සම්බන්ධයෙන් මෙරට මාධ්‍ය සංවිධාන කරබාගෙන සිටියත් මෙම බරපතල තර්ජනය පිළිබඳ ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන පිරිස් වෙතින් විවේචනය වෙමින් පවතී.

මේ අතර සිය ජීවිතයට බරපතළ තර්ජනයක් එල්ල වන ආකාරයට ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික වසන්ත සමරසිංහ මහතා සිදු කර ඇති ප්‍රකාශයක් සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙස ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති හඩ්සන් සමරසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර ඇත.

මේ සම්බන්ධයෙන් උදය ගම්මන්පිල මහතාද නිවේදනයක් නිකූත් කර තිබිණි.

 ''රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳව වහසිබස් දෙඩනා ජනතා විමුක්ති පෙරමුණ එදා පේ‍්‍රමකීර්ති ද අල්විස්, තේවිස් ගුරුගේ, සාගරිකා ගෝමස්, රිචඞ් ද සොයිසා,වැනි මාධ්‍යෙව්දීන් අමු අමුවේ ඝාතනය කර දැමුවේ මෙරට ප‍්‍රජාතන්ත‍්‍රවාදය මෙන්ම ජනතාවගේ තොරතුරු දැනගැනීමේ, නිදහසේ සිතීමේ සහ අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතීන්ද වලපල්ලට යවමිනි.

සිය ලේ වැගිරුණු අතීතය මාලිමාව නමැති පිරුවටයෙන් වසාගෙන යලි කරළියට පැමිණීමට ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කළද සිය පැසිස්ට්වාදී සංකල්පයන්ගෙන් බිඳකුදු බැහැර නොවී ඇති බව ඔවුන් වර්තමානයේ සිදුකරන ඇතැම් ප‍්‍රකාශ සාක්ෂි දරයි.

උදේට රූපවාහිනී නාලිකාවල ”පත්තර කියවන හඞ්ඩලාට” ඉදිරි මැතිවරණයෙන් පසු රට පැනීමට ඉඩ නොතබන බවත් රට පැන්න ද එම රටවල සිටින මාලිමාවේ පිරිස් ඔවුන් ගැන බලාගනු ඇති බවත් පවසමින් චමුදිත සමරවික‍්‍රම සහ හඞ්සන් සමරසිංහ යන මාධ්‍යවේදීන් ඉලක්ක කර ගනිමින් වෛරී ප‍්‍රකාශ සිදු කිරීමට ජාතික ජන බලවේගයේ විධායක සභික වසන්ත සමරසිංහ මහතාය කටයුතු කලේය.

 ඉන් අනතුරුව, තමන් සිදු කරනු ලබන ප‍්‍රකාශ සම්බන්ධයෙන් චමුදිත සමරවික‍්‍රම මහතාට ඉදිරියේදී ප‍්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇති බවට ජවිපෙ දේශපාලන මණ්ඩල සභික, ජාජබ විධායක සභික කේ. ඞී. ලාල්කාන්ත මහතාය විසින් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත. මේ අනුව පෙනී යන්නේ තමන්ට බලය ලැබෙතැයි හැඟීමක් ඇති වූ වහාම සමාජයේ වගකිවයතු කාර්යභාරයක් ඉටු කරනු ලබන මාධ්‍යවේදීන් ඇතුළු සමස්ථ සමාජයට ප‍්‍රචණ්ඩත්වය මුදා හැරීමට මාලිමාවේ පැසිස්ට්වාදී කල්ලිය කටයුතු කරන බවයි.

 2022 වසරේ ක‍්‍රියාත්මක වූ අසාර්ථක ඊනියා අරගලයේ දීද සිය දේශපාලන විරුද්ධවාදීන්ට ජීවිත තර්ජන ඇති කරමින් නිවාස හා දේපළ ගිනිබත් කරමින් ඔවුන් ගෙනගිය ප‍්‍රචණ්ඩ ක‍්‍රියාවලිය මීට තවත් සාක්ෂියකි.

මෙරට ඕනෑම දේශපාලන නායකයෙකු පිළිබඳව හෝ එවැනි නායකයෙකු විසින් සිදු කරනු ලබන ක‍්‍රියාකාරකම් සම්බන්ධයෙන් හෝ ප‍්‍රජාතන්ත‍්‍රවාදීව අදහස් ප‍්‍රකාශකිරීමට, ජනතාව දැනුම්වත් කිරීමට, සංවාදයෙහි යෙදීමට මාධ්‍යවේදියා සතු අයිතිය පිවිතුරු හෙළ උරුමය ලෙසින් අප පිළිගන්නා අතරම එම අයිතීන් උල්ලංඝනය කිරීමට ජනතා විමුක්ති පෙරමුණ විසින් දරනු ලබන මෙම සාහසික උත්සාහය දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකිමු.

 තමන්ට බලය ලැබෙතැයි සිතා නොලැබුණු බලයකින් හිස උදුම්මාගෙන ස්වාධීනව අදහස් ප‍්‍රකාශ කරන මාධ්‍යවේදීන් කෙරෙහි වෛරී ස්භාවයකින් කටයුතු කරනා ජනතා විමුක්ති පෙරමුණට මෙරට බලය ලබාදීමට නොව පුනරුත්ථාපන කඳවුරක පුනරුත්ථාපනය සඳහා යැවීමට එක්වන මෙන් අප නිදහස හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය අගයන ජනතාවගෙන් ඉල්ලා සිටිමු.

 

මීට,
දේශප්‍රේමීත්වයෙන්
පිවිතුරු හෙළ උරුමය

 

උදය ගම්මන්පිල
නායක

 

Leave a comment

 

ld add copy

Gossip

ඉන්න බැරි සේරම යන්න... රාජපක්ෂලාට රනිල් දන්වයි !

ඉන්න බැරි සේරම යන්න... රාජපක්ෂලාට රනිල් දන්වයි !

මෙවර ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය නොදෙන ආණ්ඩු පාර්ශ්වය නාමිකව නියෝජනය කරන සියලු...

තැපැල් ඡන්දයේ වාසිය රනිල්ට.. සජිත් හාන්සියි.   

තැපැල් ඡන්දයේ වාසිය රනිල්ට.. සජිත් හාන්සියි.  

අද සවස මහව පැවැති ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ජන රැළියක දී ඔහු පවසා සිටියේ අද දින පැවැති තැපැල් ඡන්...

සජිත් - හර්ෂ ගැටුමෙන් සජබය ඇවිළේ ! හර්ෂට බැරි නම් යන්න කියයි

සජිත් - හර්ෂ ගැටුමෙන් සජබය ඇවිළේ ! හර්ෂට බැරි නම් යන්න කියයි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා අතර බරපතල මත ගැටුමක...

පාඨලීව සජබයට එව්වේ රනිල්.. සජිත් නැව් කඹයක් ගිලලා දෙලොවක් අතර..

පාඨලීව සජබයට එව්වේ රනිල්.. සජිත් නැව් කඹයක් ගිලලා දෙලොවක් අතර..

මේ වන විටත් සජිත් ප්‍රේමදාසව යට කරගෙන පාඨලී චම්පික සජබය තුළ බලවත් වී ඇති බව, සජබයේ කුරුණෑගල පළමු ‍රැ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

ක්‍රීඩා

Connet With Us