රාජ්‍ය ආයතන සහ පෞද්ගලික කර්මාන්ත ශාලාවල සෞඛ්‍ය අවදානමක්

Published in පුවත්
Wednesday, 24 July 2024 10:25

රාජ්‍ය ආයතන සහ පෞද්ගලික කර්මාන්ත ශාලාවල ඩෙංගු මදුරු කීට ඝනත්වය ශීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති බව කීට විද්‍යා සමීක්ෂණ නිලධාරීන්ගේ සංගමය පවසා තිබේ.

එහි සභාපති නජිත් සුමනසේන  සඳහන් කළේ, දැඩි අවදාම් සහිත බවට හඳුනාගත් ප්‍රදේශවලට විශේෂ කීට විද්‍යා සමීක්ෂණ සිදුකිරීමට පියවර ගන්නා බවය.

"මේ වනවිට රට පුරා ඩෙංගු රෝගීන් ව්‍යාප්ත වෙමින් පවතිනවා. රෝගීන් සංඛ්‍යාව මේ වෙද්දි 30,500ක් විතර ලංකාවෙන්ම වාර්තා වෙලා තියෙනවා. දොළොස්දෙනෙක් විතර මේ වෙද්දි මිය ගිහින් තියෙනවා. සමීක්ෂණ දත්ත අනුව නිවාස ආශ්‍රිත මදුරු ඝනත්වයට වඩා රාජ්‍ය ආයතන රාජ්‍ය නොවන ව්‍යාපාරික, කර්මාන්ත ශාලා වැනි පොදු ස්ථානවල ඩෙංගු මදුරු කීටයින් බහුලට බවට හඳුනාගෙන තියෙනවා. එම ප්‍රදේශවල 22, 23 හා 24 දින තුනේ විශේෂ කීට විද්‍යා සමීක්ෂණ වැඩසටහනක් ක්‍රියාත්මක කළා. ඒ අනුව අපි හඳුනාගත්තා වැඩිම මදුරු කීටයින් බෝවෙන රාජ්‍ය ආයතනය එහෙම නැත්නම් පොදු ස්ථාන හඳුනාගෙන ඒවා මර්දනය කිරීම සිකුරාදා සහ සෙනසුරාදා දිනයන්හි සිදුකරනවා."

මේ ඒ සම්බන්ධයෙන් තවදුරටත් පැහැදිලි කරමින් නජිත් සුමනසේන  පවසා සිටියේ, මෙවැනි අවධානම් තත්ත්වයන් සහිත ප්‍රදේශවලට කීට මර්දන නිලධාරීන් 60ක් පමණ මේ වනවිට යෙදවා ඇති බවය.

- අද දෙරණ

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us