මොණරාගල දී සරසවි සිසුන්ට 'නින්ජා' ප්‍රහාරයක්

Published in පුවත්
Monday, 08 September 2014 09:28

මොණරාගල මදුරුකැටියේ දී ජනතා විමුක්ති පෙ‍රමුණේ ආධාරකරුවන් වූ සරසවි සිසුන් හතර දෙනෙකු අද (සැප්. 8) පෙරවරු 6.30 ට පමණ අංක තහඩු රහිත ඩිෆෙන්ඩර් රථයකින් පැමිණි කණ්ඩායම් විසින් පහර දී එක් සිසුවෙකු පැහරගෙන, පහරදී තුවාල සිදු කොට මග දමා ගොස්  ඇතැයි 'කැෆේ' සංවිධානය පවසයි.  

 අංක තහඩු රහිත වාහන වලින් පැමිණ මැතිවරණ කාර්යාල කඩා බිද දමන කණ්ඩායම විසින් මොණරාගල දී සිදු කළ පළමු පුද්ගල පැහැරගැනීම සහ බරපතල තුවාල සිදු කළ පහරදීම මෙයයි. 


ජවිපෙ හි මොණරාගල  දිස්ත්‍රික් අපේක්ෂක  පල්ලියගුරුගේ විජේසිරි මහතාගේ  නිවසේ මෙම සරසවි සිසුන් නැවතී සිටි ඇත.  

අලුයම මුහුණ සෝදන්නට  එම නිවස ඉදිරිපිට පිහිටි නළ ලිදට සිසුන් සිව්දෙනා ගිය විට මෙම ප්‍රහාරය එල්ල වී ඇත.  සිසුන් සිව් දෙනාට පොළුවලින් පහරදී ඇති අතර පැහැර ගෙන ගිය සිසුවාගේ බෙල්ල, අත සහ ඔලුවේ තුවාල ඇත. 

ජවිපෙ අපේක්ෂක පල්ලියගුරුගේ මහතා ගේ නිවසට මෙයට පෙර ද ප්‍රහාරයක් එල්ල වූ අතර වෙඩි තැබීමක් ද සිදු විය.  ඔහුගේ කටවුට් සියල්ල ද මෙයට පෙර අංක තහඩු රහිත වාහන වලින් පැමිණි පිරිසක් විසින් ගිණි තබා තිබුණි. 


දිගින් දිගටම ජවිපෙ ඉලක්ක කොට එල්ල වු ප්‍රහාරයන්ගෙන් පසුව කුඩා රුස්වීම් ඇමතීම සදහා සරසවි සිසුන් සියයකට වැඩි ප්‍රමාණයක් මේ විට මොණරාගලට පැමිණ සිටී.  ප්‍රහාරකයින්ගේ ඉලක්කය වී ඇත්තේ කුඩා රුස්වීම් අමතන සහ නිවසෙන් නිවසට ගොස් ප්‍රචාරක කටයුතු සිදු කරන එවැනි සිසුන් ය.

මොණරාගල - වැල්ලවාය මාර්ගයේ කි.මි. 5 ක් පමණ  දුරින් පිහිටි, මෙම ප්‍රහාරය එල්ල වූ ස්ථානයේ සිට මීටර් 50 ක් දුරින් පොලිස් තාවකාලික මාර්ග බාධකයක් ද යොදා ඇත.  ප්‍රහාරය එල්ල වන විට පොලීසිය එම ස්ථානයේ සිටි නමුත් ප්‍රහාරයකයන් පැමිණි අංක තහඩු රහිත ඩිෆෙන්ඩර් වර්ගයේ රථය නැවැත්වීමට ඔවුන් කටයුතු යෙදා නොමැත.  හමුදා සංදර්ශනයක් පැවැත්වීමට නියමිත බැවින් මොණරාගල ට මේ වන විට දැඩි පොලිස් හා හමුදා ආරක්ෂාවක් ලබා දී ඇත. 

මොණරාගල  දිස්ත්‍රික්කයේ ඉතා සැලසුම් සහගතව විපක්ෂයේ ක්‍රියාකාරීන් ඉලක්ක කොට ගෙන ප්‍රහාර එල්ල වෙමින් පවතින බව කැෆේ සංවිධානයේ නිරීක්ෂණයයි.  

විපක්ෂයේ නීත්‍යානුකුල කාර්යාල පමණක් නොව අපේක්ෂකයින්ගේ නිවෙස් වෙත ද ප්‍රහාරයන් එල්ලවීමත් බිම් මට්ටමේ දී ප්‍රචාරක කටයුතු සිදු කරන පුද්ගලයින් ද ප්‍රහාරයකයින්ගේ ඉලක්ක බවට පත්වීම අවාසනාවන්ත තත්වයක් බව කැෆේ සංවිධානය පවසයි. 

unnamed

 

unnamed 1

unnamed 3

unnamed 4

Last modified on Monday, 08 September 2014 13:30

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us