පොහොට්‍ටුවේ අපේක්ෂකයා ගැන අදත් තීරණයක් නෑ.. Featured

Published in පුවත්
Tuesday, 23 July 2024 15:02

පොදු ජන පෙරමුණෙ ජනාධිපති අපේක්ෂකයා පිලිබඳ තීරණයක් ගැනිමට අද දින එම පක්ෂයේ මන්ත්‍රීවරු සියලු දෙනා පක්ෂ මූලස්ථානයට කැඳවා සාකච්ඡාවක් පැවැතියද අවසන් තීරණයකට එළඹ නැත. ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා මෙම රැස්වීමෙන් පසුව මාධ්‍ය හමුවෙ පවසා සිටියේ තවත් සතියකින් එ් පිළිබඳව දැනුම් දෙන බවය. එමෙන්ම ප්‍රසන්න රණතුංග පාර්ශවයේ මතයට එරෙහිව සිටින තිස්සකුට්ටි ආරච්චි මන්ත්‍රීවරයාද පවසා සිටියේ අපේක්ෂකයා පිළිබඳ තීරණය තව සතියකින් දැනුම් දෙන නමුත් එම අපේක්ෂකයා කවුරු වූවද පක්ෂයෙ ප්‍රතිපත්ති පිළිගන්න අයෙකු විය යු‍තු බවය. එමෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ පක්ෂයෙ ප්‍රතිපත්ති පිළිගන්නවා නම් සහය දීමට හැකි බව ද පවසා සිටියේය.

මෙහිදී තිස්සකුට්ටි ආරච්චි මන්ත්‍රීවරයා මෙලෙස පැවසීය.

රටේ නායකයා තෝරන මැතිවරණය තමයි රටේ ප්‍රධානම මැතිවරණය. රාජපක්ෂවරු කවදාවක් වැරදි තිරණයක් ගත්තෙ නැහැ. පොහොට්ටුව මේ වන විට මැතිවරණ තුනකට ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ වගේම ජයග්‍රහණය කරලා තියෙනවා. අපේක්ෂකයා  ‌විදිහට ගෝඨාභය ගෙනාවෙත් මැතිවරණය ප්‍රකාශ කරාට පසුව අන්තිම වෙලාවක. 

ප්‍රසන්න ඇමතිතුමා කැබිනට් අමාත්‍යවරයෙක්. එතුමා කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරයෙක් හැටියට එතුමා ඒ ආකාරයෙන් කතා කල යුතුයි. හැසිරිය යුතුයි. මොකද අපි පක්ෂයක් විදිහට තීන්දුවක් ගත්තා වර්තමාන ජනාධිපතිවරයා ජනාධිපතිධුරයේ ඉන්න තාක්කල් ආණ්ඩුව වට්ටවන්නේ නැතිව ආණ්ඩුවට සහයෝගය දෙනවා කියලා පොහෝට්ටුව තීරණයක් ගත්තා. පොහොට්ටුවේ මන්ත්‍රීවරු , රාජ්‍ය ඇමතිවරු , කැබිනට් ඇමතිවරු, සභාපතිවරු ඉන්නවා. ජනාධිපතිවරණයේ දී පොහාට්ටුව ආණ්ඩුව නියෝජනය කරන තනතුරු දරණ අය වර්තමාන ජනාධිපතිවරයා නැවත ජනාධිපති විය යුතුයි කියලා නොකියා ආන්ඩුවක් කරගන යන්න බැහැ.

නමුත් පක්ෂයේ මතය සහ ආණ්ඩුවේ මතය වෙනස් වෙනවා. අපි ඉන්නේ පක්ෂයේ මතයේ. අපි ආණ්ඩුවේ තනතුරු දරන්නේ නැහැ. ආණ්ඩුවේ පොදුජන පෙරමුණ කියලා පක්ෂයක් තියනවා. ඒ පක්ෂය ඡන්ද වලට බය පක්ෂයක් නෙවෙයි. මේ රට යුද්ධයෙන් බේරගත්ත නායකයා තවමත් මේ පක්ෂයට නායකත්වය දෙනවා. ඒ නායකයා ඉද්දි වෙන නායකයෝ අපේ පක්ෂයට නැහැ. ඒ නිසා පක්ෂය විසින් ජනාධිපතිවරණයට අපේක්ෂකයෙක් ඉදිරිපත් කල යුතුයි. අපි ඡන්දවලට බයේ හැංගිලා නැහැ. ඒ නිසා මම අනිවාර්යෙන්ම කියනවා පොහොට්ටුවේ අපේක්ෂකයෙක් ජනාධිපතිවරණයට අපි ඉදිරිපත් කරනවා කියලා. පුද්ගලයා කවුද කියලා බොහොම රහසිගත විදිහට අරගෙන යනවා . දිනන අපේක්ෂකයා ඉන්නේ අපේ පක්ෂය තුළ. ඒ අපේක්ෂකයා ගැන පැහැදිලි පිලිතුරක් අපි සතියක් ඇතුළත ලබා දෙනවා.

පක්ෂයෙන් ඉදිරිපත් කරන නායකයා ඒජාප නායකයෙක් ද?

මට කියන්න බැ ඒක. එක්සත් ජාතික පක්ෂයේ නායකයා ද, වර්තමාන රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාද එහෙමත් නැත්තම් වෙන අපේක්ෂකයෙක් ද කියලා පක්ෂය තිරණය කලාට පස්සෙ තමයි අපි සහයෝගය දෙනවාද නැද්ද කියන එක. හැබැයි පක්ෂයක් විදිහට අපි තිරණයක් ගන්නේ රට ගැන හිතලා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාව මේබලයට පත් කලා වගේම තව වසර පහකට බලයට ගේනවා නම් රනිල් වික්‍රමිසංහ සමග එකගවිය යුතු ප්‍රතිපත්තිමය කාරණා තියනවා. වෙන පෞද්ගලික ප්‍රශ්න අපිට නැහැ තනතුරු සම්බන්ධ ප්‍රශ්න අපිට නැහැ. අපිට තියෙනවා රට ගැන ජාතිය ගැන ආගම ගැන මේ රටේ සෛවරීභාවය , මේ රටේ භෞමික අඛණ්ඩතාවය, රාජ්‍ය ආරක්ෂාව මේ සියල්ල ගැන එකග විය යුතු කාරණා තියෙනවා. මොකද රට ත්‍රස්තවාදයෙන් බේරගත්ත නායකයා තවම ඉන්නවා අපේ පක්ෂය ඇතුළේ. ඒ නිසා බෑරැරුම් තිරණ සරලව ගන්න බැ. රනිල් වික්‍රමසිංහ නම් පොදුජන පෙරමුණේ අපේක්ෂකයා අපේ ප්‍රතිපත්තිවලට එකගනම් අපි අත්දෙකම උස්සලා රනිල් වික්‍රමිසංහට සහයෝගය ලබා දෙනවා. නමුත් අවසන් තීරණය තවම ලැබිලා නැහැ. තිස්සකුට්ටිආරච්චිව කවුරුවත් මෙහෙයවනවා කියල කියනවා නම මම කියනවා එහෙම නැහැ කියලා. මම ජනතා ඡන්දයෙන් ආව ස්වාධීන මන්ත්‍රීවරයෙක්

මේ අතර ජනාධිපතිවරණය සඳහා වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හැර වෙනත් අපේක්ෂකයකු ඉදිරිපත් කළහොත් ඊට එරෙහිව කටයුතු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිස්ත්‍රික්ක 12ක නායකයෝ තීරණය කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි .

එම ආරංචි මාර්ග පවසන ආකාරයට ඊයේ (22) රාත්‍රී කොළඹ මලලසේකර මාවතේ රාජ්‍ය අමාත්‍යවරයකුගේ නිවසේ මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.

මෙම සාකච්ඡාව සඳහා දිස්ත්‍රික්ක 12ක පොහොට්ටු නායකයින් සහභාගී වී ඇත.

එහිදී ඔවුන් තීරණය කර ඇත්තේ බහුතර මතයට පිටින් යමින් පක්ෂය වෙනත් අපේක්ෂකයකු නම් කලහොත් ඊට එරෙහිව යමින් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය පලකිරීමටය.

ඒ සදහා දැනට පාර්ලිමේන්තුව නියෝජනය කරන පොහොට්ටු මන්ත්‍රීවරු 75කට ආසන්න පිරිසකගේ සහයද ඔවුන්ට ලැබී ඇති බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

දිස්ත්‍රික් මට්ටමින් එම මන්ත්‍රීවරුන්ද සම්බන්ධකරගෙන අදාල දිස්ත්‍රික්කවල පළාත් පාලන ආයතන ප්‍රධානීන් හා මන්ත්‍රීවරුන් ද සම්බන්ධ කරගෙන රනිල් වික්‍රමසිංහ මහතාගේ මැතිවරණ ව්‍යාපාරය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සංවිධාන කටයුතු සිදු කිරීමට ද මෙහිදී තීරණය කර ඇතැයිද දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

 

Last modified on Tuesday, 23 July 2024 15:07

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us