විරල සිදුවීමක් වන මෙම සංසිද්ධිය නැවත මෙරට ජනතාවට දර්ශනය වන්නේ 2037 වර්ෂයේදීය.
සෞරග්‍රහ මණ්ඩලයේ යෝධ ග්‍රහයෙක් වන සෙනසුරු, චන්ද්‍රයාගෙන් මුවාවීමේ විරල සංසිද්ධිය හෙට මධ්‍යම රාත්‍රීයේ උදා වේ.
ඒ අනුව චන්ද්‍රයා සෙනසුරු ග්‍රහලෝකය ඉදිරියෙන් ගමන් කරන විට එය පෘථිවියට නොපෙනී ගොස්, ආසන්න වශයෙන් පැය එකයි මිනිත්තු විස්සක් පමණ චන්ද්‍රයාගෙන් වැසී පවතී.
විරල සිදුවීමක් වන මෙය පියවි ඇසින් නැරඹීමට ශ්‍රී ලාංකිකයින්ට අවස්ථාව ලැබෙයි.