එළඹෙන ජනාධිපතිවරණය සදහා පළමුවරට දෘෂ්‍යාබාධිත ප්‍රජාව වෙනුවෙන් විශේෂ ඡන්ද පත්‍රිකාවක්

Published in පුවත්
Tuesday, 23 July 2024 15:41

විවෘත සහ වගකිවයුතු රජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වසරකට අධික කාලයක් තුළ රාජ්‍ය ආයතනවලට කැඳවීම් සිදුකර ලබා දුන් නිර්දේශ ක්‍රියාත්මක කිරීම මෙන්ම විවෘත සහ වගකීමෙන් යුතු මහජන සේවයක් ලබා දීමට අදාළ අංක 27/2023 දරන රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයට අනුව කටයුතු කිරීම සෑම රාජ්‍ය ආයතනයකම වගකීමක් බව එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ජගත් කුමාර සුමිත්‍රාරච්චි මහතා පසුගියදා අවධාරණය කළේය.

විවෘත සහ වගකිවයුතු රජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව 2024.07.11 දින පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී කාරක සභා සභාපතිවරයා මේ බව පැවසීය.

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු , පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය, බස්නාහිර පළාත් සභාව, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය, ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ මැතිවරණ කොමිෂන් සභාව යන ආයතනවලට ලබා දී ඇති නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය පිළිබඳව විමර්ශනය සදහා එම ආයතනවල ඉහළ නිලධාරීන් මෙම කාරක සභාවට කැඳවා තිබිණි. එසේම කාරක සභාවේ මැදිහත් වීමෙන් නිකුත් කරන ලද 27/2023 රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයට අනුව එම රාජ්‍ය ආයතන ගෙන ඇති පියවර පිළිබඳව විමසා බැලීම ද සිදුවිය. තවද මැතිවරණ කොමිෂන් සභාවේ 2023 වසර සදහා වන කාර්ය සාධන වාර්තාව සලකා බැලීම ද සිදුවිය.

මැතිවරණයේදී අනන්‍යතාව පැහැදිළිව තහවුරු කරගන්නා බැවින් තවදුරටත් ඇගිලි වර්ණ ගැන්වීම අනවශ්‍ය බවට මීට පෙර කාරක සභාව විසින් ලබාදී තිබූ නිර්දේශය පිළිබඳව මෙහිදී අවධානය යොමු විය. ඒ අනුව ඇගිලි වර්ණ ගැන්වීම ඉවත් කිරීමට අවශ්‍ය කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළ ද එය මෙම අවස්ථාවේ ක්‍රියාත්මක නොකිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා මෙහිදී පැවසීය.

ඇගිලි වර්ණ ගැන්වීම ඉවත් කිරීම මගින් විශාල මුදලක්, කාලයක් සහ ශ්‍රමයක් ඉතිරි වන බවත් මෙහිදී සාකච්ඡා විය. ඒ අනුව මැතිවරණ පනත සංශෝධනයට අදාළ සියලු යෝජනා කාරක සභාව වෙත ඉදිරිපත් කරන ලෙසත් කාරක සභා සභාපතිවරයා මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයාට දැනුම් දුන්නේය.

එසේම ආබාධිත ප්‍රජාව වෙනුවෙන් ඉදිරි මැතිවරණවලදී වඩාත් සාධනීය පියවර රැසක් ගෙන ඇති බවත් මෙවර ජනාධිපතිවරණයේදී ප්‍රථමවරට ද්‍රෂ්‍යාබාධිත ප්‍රජාව වෙනුවෙන් විශේෂිත ඡන්ද පත්‍රිකාවක් (Tactile Ballot Paper) හදුන්වා දෙන බවත් ඒ මහතා පැවසීය.

එසේම ශ්‍රව්‍යාබාධිත ප්‍රජාව වෙනුවෙන් මැතිවරණය ආශ්‍රිත වචන 320 ක නව සංඥා භාෂා වචන මාලාවක් හදුන්වා දුන් බවත් ආබාධිත ප්‍රජාවගේ ප්‍රවේශ පහසුකම් ඇතුළු කටයුතු සදහා උපරිම පහසුකම් සැලසීම සදහා සැලසුම් කර ඇති බවත් ඒ මහතා සදහන් කළේය.

එසේම විවෘත සහ වගකිවයුතු රාජ්‍ය සේවයක් පිළිබඳව සියලු නිලධාරීන් දැනුවත් කිරීම සදහා අමාත්‍යාංශ මට්ටමින් වෙනම පිරිසක් පත් කර නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහන් පවත්වන ලෙසටත් අවශ්‍ය උපදෙස් කාරක සභාව විසින් ලබා දෙන ලදී. එසේම දැනට මෙම කටයුතු සාර්ථකව සිදුකරන ආයතනවලට සිය ප්‍රශංසාව පළ කරන බවද කාරක සභා සභාපති  ජගත් කුමාර සුමිත්‍රාආරච්චි මහතා සඳහන් කළේය.

එසේම විදුහල්පතිවරුන් ඇතුළු අධ්‍යාපන බලධාරීන් ද මේ පිළිබඳව දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් ලබා දීම සිදුවිය. විශ්‍රාම වැටුප් ගෙවිමේදී මිය යන පුද්ගලයන්ගේ නම් රෙජිස්ටාර් ජෙනරාල් කාර්යාලයෙන් ලබා ගැනීම සදහා වැඩපිළිවෙලක් සකස් කිරීමේ අවශ්‍යතාව ද මෙහිදී විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල්වරයාට දැනුම් දෙන ලදී. ජීවිත සහතිකය ලබා ගැනීමේදී සිදුව අපහසුතාව වළක්වා ගෙන වඩාත් විනිවිදබවකින් එම කටයුතු සිදු කිරිමේ හැකියාව ඉන් තහවුරු වන බව කාරක සභාව විසින් පෙන්වා දෙන ලදී.

ඉන්ධන මිල අඩුකිරීමේ වාසිය ජනතාවට ලබාදීම සදහා සාධාරණ වැඩපිළිවෙලක් සැකසීමේ අවශ්‍යතාව ද කාරක සභා සභාපතිවරයා අවධාරණය කළේය. බස් ගාස්තු සංශෝධනය සදහා යොදා ගනු ලබන සමීකරණය වර්තමානයට ගැළපෙන පරිදි යාවත්කාලීන කිරීම සදහා ඒ අනුව ඉදිරි පියවර ගැනීමට අපේක්ෂා කරන බව නිලධාරීහු මෙහිදී පැවසූහ.

දුම්රිය වර්ජන ක්‍රියාත්මක වීමේදී විශේෂ දුම්රිය කිහිපයක් හෝ ධාවනය කිරීමේ අවශ්‍යතාව කාරක සභා සභාපතිවරයා පෙන්වා දුන්නේය. විශේෂයෙන් මේ හරහා මෙරට ප්‍රධාන ආදායම් මාර්ගයක් වන සංචාරක කර්මාන්තය කඩා වැටීම සිදුවන බැවින් සංචාරකයන් සදහා විශේෂ දුම්රිය කිහිපයක් හෝ යෙදවීමට කටයුතු කරන ලෙස මෙහිදී කාරක සභා සභාපතිවරයා උපදෙස් දුන්නේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන  වජිර අබේවර්ධන,  මොහොමඩ් මුසම්මිල්,  රෝහණ බණ්ඩාර, ජනාධිපති නීතීඥ ජයන්ත වීරසිංහ,  මර්ජාන් ෆලීල් සහ  W.H.M ධර්මසේන යන මහත්වරු ද මෙම කාරක සභා රැස්වීමට සහභාගී වූහ.

- දිනමිණ

 
 
 
 

Leave a comment

 

ld add copy

Gossip

ඉන්න බැරි සේරම යන්න... රාජපක්ෂලාට රනිල් දන්වයි !

ඉන්න බැරි සේරම යන්න... රාජපක්ෂලාට රනිල් දන්වයි !

මෙවර ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය නොදෙන ආණ්ඩු පාර්ශ්වය නාමිකව නියෝජනය කරන සියලු...

තැපැල් ඡන්දයේ වාසිය රනිල්ට.. සජිත් හාන්සියි.   

තැපැල් ඡන්දයේ වාසිය රනිල්ට.. සජිත් හාන්සියි.  

අද සවස මහව පැවැති ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ජන රැළියක දී ඔහු පවසා සිටියේ අද දින පැවැති තැපැල් ඡන්...

සජිත් - හර්ෂ ගැටුමෙන් සජබය ඇවිළේ ! හර්ෂට බැරි නම් යන්න කියයි

සජිත් - හර්ෂ ගැටුමෙන් සජබය ඇවිළේ ! හර්ෂට බැරි නම් යන්න කියයි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා අතර බරපතල මත ගැටුමක...

පාඨලීව සජබයට එව්වේ රනිල්.. සජිත් නැව් කඹයක් ගිලලා දෙලොවක් අතර..

පාඨලීව සජබයට එව්වේ රනිල්.. සජිත් නැව් කඹයක් ගිලලා දෙලොවක් අතර..

මේ වන විටත් සජිත් ප්‍රේමදාසව යට කරගෙන පාඨලී චම්පික සජබය තුළ බලවත් වී ඇති බව, සජබයේ කුරුණෑගල පළමු ‍රැ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

ක්‍රීඩා

Connet With Us