ගොවියා වෙනුවෙන් ජීවිතයම කැප කළ සරත් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි

Published in පුවත්
Monday, 08 September 2014 09:10

ජනතා විමුක්ති පෙරමුණ මෙහෙයැවූ හැත්තෑ එකේ කැරැල්ලෙන් බිහිවූ ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් විශිෂ්ඨ ඝනයේ විකල්ප බුද්ධිමතෙක් වූ සරත් ප්‍රනාන්දු ඊයේ (07) රාත්‍රී වැළැඳුනු හෘදයාබාධයක් හේතුවෙන් අභාවප්‍රාප්ත විය.

හැත්තෑ එකේ කැරැල්ලේදී කුරුණෑගල ප්‍රදේශයේ නායකයා වූ සරත් ප්‍රනාන්දු වාමාංශික පවුලකින් පැවැත එන්නෙකි. ඔහුගේ පියා පළාතේ සිටි සමසමාජ නායකයෙක් වූ අතර දේශීය වෛද්‍යවරයෙක්ද විය. 


විමල් ප්‍රනාන්දු, සරත් ප්‍රනාන්දු, පැට්‍රික්  ප්‍රනාන්දු යන පුතුන් තිදෙනාම 71 කැරැල්ලට සම්බන්ධ වූයේ සරසවි සිසුන් ලෙසය. දරුවන් කැරැල්ලට සම්බන්ධ වීම නිසා පියාට හිමිව තිබූ සියළු දේපොල ගිනි තබා විනාශ කළෙන් පසුව ඔවුන් කුරුණෑගල අත්හැර දා මොරටුව ප්‍රදේශයේ පදිංචි වූහ.

වසර ගණනක සිරගත ජීවිතයකින් පසුව විමල් ප්‍රනාන්දු 'පෙරදිග සුළං' නමින් දේශපාලන ව්‍යාපාරයක් ආරම්භ කළ අතර පැට්‍රික්  ප්‍රනාන්දු 'ජනතා සංගමය' නමින් දේශපාලන ව්‍යාපාරයක් ආරම්භ කෙළේය. සරත් ප්‍රනාන්දු ලංකාවේ ගොවි ජනතාව වෙනුවෙන් ස්වේච්ඡා ව්‍යාපාරයක් ආරම්භ කළ අතර එය නමින් මොන්ලාර් MONLAR හෙවත් ජාතික ඉඩම් සහ කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය Movement for National Land and Agricultural Reform විය. අයියා සහ මල්ලී ආරම්භ කළ 'පෙරදිග සුළං' සහ 'ජනතා සංගමය' අතර මගදී දියවී ගියද සරත් ප්‍රනාන්දු ආරම්භ කළ ස්වේච්ඡා ව්‍යාපාරය අද දක්වාම පවත්වාගෙන යන්නකි

ආසියාතික ගොවියාගේ දුගී කම ඉවත් කළ හැක්කේ කෙසේද යන්න ගැන ඔහු විසින් ඉදිරිපත් කරන ලද විකල්ප මත සම්බන්ධයෙන් ලෝකයේ විශේෂ අවධානය යොමු වීම නිසා මොන්ලාර් සංවිධානයට එදා සිට අද දක්වාම විශාල මෙහෙයක් සිදු කිරීමට හැකිවිය. ආහාර සුරක්ෂිතාවය වැඩි දියුණු කිරීම, පෝෂ්‍යදායී ආහාර නිෂ්පාදනය ආදිය සම්බන්ධයෙන් ඔහු ලෝකයට ඉදිරිපත් කළ විකල්ප මත වලට ජාත්‍යන්තරයේ වැදගත් අවධානයක් යොමු වූයෙන් ආසියා අප්‍රිකා වන පර්යේෂන ආයතනයේ සභාපතිවරයා ලෙස ද සරත් ප්‍රනාන්දුව තෝරාගත්තේය.

ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රශ්නය ඇතුළු රටේ සියළු ගැටළුකාරී අවස්ථාවන්හිදී වාමාංශික බුද්ධිමතෙකු ලෙස පෙනී සිටි සරත් ප්‍රනාන්දු මුළු ජීවිත කාලය පුරාම අල්පේච්ඡ ජීවිතයක් ගත කළ අයෙකි. 

පසුගිය කාලයේ තමන් ආරම්භ කරන ලද මොන්ලාර් සංවිධානයෙන් විශ්‍රාම ලබා කුරුණෑගල ගම් පියසට වී නිදහසේ කාලය ගත කළ අතර ඊයේ රාත්‍රියේ හදිසියේ අප අතරින් වෙන්විය. ගොවි ජනතාව වෙනුවෙන් මුළු ජීවිතයම කැප කළ සරත් ප්‍රනාන්දු දිවියෙන් සමුගන්නා විට හැත්තෑ වැනි වියේ පසුවිය.

සරත් ප්‍රනාන්දු මහතාගේ අවසන් කටයුතු පිළිබඳව පසුව දැනුම්දෙනු ඇත. 

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us