ඉංග්‍රීසි ඉගෙනීමට ‘ද ඉංග්ලිෂ් හබ්’

Published in පුවත්
Monday, 08 September 2014 08:58

‘ද ඉංග්‍ලිෂ් හබ්’ යනු ලංකාව තුළ ඉංග්‍රීසි අධ්‍යාපනය ලැබීමේ නවතම ප්‍රවේශය වේ. 2013 දී ආරම්භ කළ මෙම ඒකාබද්ධ වැඩසටහන මඟින් ඉලක්ක කරන්නේ ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීම පමණක් නොවන අතර සිසුන්ට ඉංග්‍රීසි භාෂාවෙන් සිතීමට, කතාකිරීමට සහ අත්දැකීම් ලබා ගැනීමට අවස්ථාව ලබා දීමයි.

‘ද ඉංග්ලිෂ් හබ්’ හි, සමාරම්භකයින් වන්නේ එහි සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂ මොහොමඩ් හිල්මි හසන් මහතා සහ ප්‍රධාන විධායක නිලධාරිනී, සාරා සයින් මහත්මිය වන අතර ආයතනික හා රාජ්‍ය අංශය නියොජනය කරන අධ්‍යාපනය ලැබීමේ නැඹුරුවක් සහිත වැඩිහිටියන්ගේ සිට සිසුන් දක්වා පුළුල් පරාසයක විහිදුණු පිරිසක් ඉලක්ක කරමින් මෙහි වැඩසටහන් ක්‍රියාත්මක වේ.

‘ද ඉංග්ලිෂ් හබ්’ පිටුපස තිබෙන අදහස පිළිබඳව එහි සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂ මොහොමඩ් හිල්මි හසන් මහතා මෙසේ අදහස් දැක්වීය. ‘ශ්‍රී ලංකාව තුළ ඉතා හොඳ ඉංග්‍රීසි භාවිතාවේ අඩුවක් තිබෙන බව පෙනී ගොස් තිබෙනවා. අපේ අත්දැකීමෙන්ම දන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් හොඳින් සන්නිවේදනය කිරීම ඉතා වැදගත් කාරණයක් බවයි. සරා සහ මා එකතුව බැලුව් ඉංග්‍රීසි බැරි පිරිසකට ඉංග්‍රීසි භාෂාව නිකංම් ඉගැන්වීම නෙවෙයි. ආයතනික අංශය වැනි විශාල ඉලක්කගත කණ්ඩායමක් වෙනුවෙන් ඉංග්‍රීසි භාෂාව නිවැරැදිව සහ එහි තිබෙන උපරිම ශක්තියෙන් භාවිතා කිරීමට අවස්ථාව ලබාදීමයි.

‘ද ඉංග්ලිෂ් හබ්’ වැඩසටහනට සහභාගී වී සිටින සම්පත් දායක මඬුල්ල මඟින් එහි තිබෙන ගුණාත්මක තත්ත්වය මෙන්ම විශේෂඥතාවය මනාව පැහැදිලි වේ. මෙම සම්පත්දායක මඬුල්ලේ ප්‍රධානීත්වය උසුලන සරා සයින් මහත්මිය ආයතනික පුහුණුකරුවෙකු ලෙස දශකයකට වැඩි කාලයක අත්දැකීම් ඇති තැනැත්තියකි. මෙම විශේෂඥ සම්පත් දායක මඬුල්ල දෙස් විදෙස් ඉංග්‍රීසි උපාධි සහ මනා ඉංග්‍රීසි දැනුමක් සහිත පුහුණුකරුවන්ගෙන් සහ ගුරුවරුන්ගෙන් සමන්විත වේ.

ව්‍යාකරණ සහ කතා කිරීමේ තාක්ෂණය ඉගැන්වීමේ සාමාන්‍ය ක්‍රමයට අමතරව වැඩිහිටි කාණ්ඩයට විශේෂයෙන් ම සකස් කළ ඇක්සන්ට් නියුට්‍රලයිසේෂන්, පිරිසක් ඉදිරියේ කතා කිරීම සහ ඉදිරිපත් කිරීමේ කුසලතාවයන්, ව්‍යාපාරික සහ සමාජ සිරිත්. දුරකථන සිරිත් සහ ගනුදෙනුකාර සේවා, ස්වයං අවබෝධය සහ ආතතිය කළමනාකරණය, හැඳ පැලඳීමේ ක්‍රම ඇතුළත් වැඩසටහන් මෙන්ම අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමක දී කටයුතු කිරීමට, රැකියා සම්මුඛ පරීක්ෂණයකට මුහුණදීමට සහ පරිපූර්ණ ඉදිරිපත් කිරීමක් කිරීමට අවශ්‍ය වැඩසටහන් මෙහිදී ඉගැන්වේ.

තරුණ පිරිස ඉලක්ක කරගනිමින්, ඉංග්‍රීසි ඉගැන්වීම, ඉංග්‍රීසි උච්චාරණ පුහුණුව, ඉංග්‍රීසි සාහිත්‍යය, යන වැඩසටහන් මේ යටතේ පැවත්වෙන අතර වැඩිහිටි සිසුන් සඳහා ඉංග්‍රීසි කඳවුරු සහ රැකියා කිරීමේ දී අවශ්‍ය ඉංග්‍රීසි කුසලතාවයන් ලබාදෙන වැඩසටහන් පැවැත්වේ. විෂය මාලාව පිළිබඳව අදහස් දක්වමින් ප්‍රධාන විධායක නිලධාරිනී, සාරා සයින් මහත්මිය මෙසේ අදහස් දැක්වීය. ‘ඉංග්ලිෂ් හබ් වැඩසටහන් තුළ දී අපි ඉලක්ක කරන පිරිසට අවශ්‍ය පණිවුඩය ලබාදීම සඳහා අපි ඉතාමත් නවෝත්පාදන ක්‍රම අනුගමනය කරනවා.

සෑම වැසඩටහනක් ම විශේෂයෙන් ම සකස් කර තිබෙන්නේ ඉලක්ක ගත කණ්ඩායමක් වෙනුවෙනුයි. අපගේ සුවිශේෂීතාවය වන්නේ හොඳින් ඉංග්‍රීසි ඉගෙනීමට අවශ්‍ය සියලුම ක්‍රම අනුගමනය කරමින් අද්විතීය ඉගෙනීමේ අත්දැකීමක් සත්‍ය වශයෙන් ම ලබාදීමයි. ඉංග්ලිෂ් හබ් යනු තවත් ඉංග්‍රීසි ඉගැන්වීමේ ආයතනයක් නොවන අතර පුද්ගලයින්ට සහ පුද්ගලික අංශයට පෞරුෂය වර්ධනය කරගනිමින් උසස් ඉගෙනීමේ අත්දැකීමක් ලබාදීම මෙහි අරමුණයි.

ද ඉංග්ලිෂ් හබ් පිහිටා තිබෙන්නේ ඉතාමත් පහසුවෙන් ළඟාවිය හැකි අංක 740, කෝට්ටේ පාර, රාජගිරිය යන ස්ථානයේ වන අතර ළමුන්ට සහ වැඩිහිටියන් වෙනුවෙන් පවත්වන පන්තිවලට අමතරව පුද්ගලික අංශයේ සේවයේ නියුතු වූවන් වෙනුවෙන් විශේෂයෙන් ම සකස් කළ ඉංග්‍රීසි වැඩසටහන් මෙහිදී ක්‍රියාත්මක කරයි. ඉතාමත් උසස් තත්ත්වයෙන් යුතු ආයතනික අංශයේ පුහුණු කිරීමේ වැඩසටහන් සෑම ආයතනයකට ම ගැළපෙන පරිදි ඉතාමත් සුපරීක්ෂාවෙන් සකස් කර තිබේ. මේ නිසා, මෙම පුහුණු කිරීමේ වැඩසටහන් පිළිබඳව ආයතනික කළමනාකාරීත්වයට පැහැදිලි අවබෝධයක් ලබාගත හැකි අතර මෙම වැඩසටහන් සඳහා සේවකයින් සහභාගී කරවීම මඟින් ආයතනයේ දියුණුව සඳහා ඔවුන්ගේ සම්පූර්ණ ධාරිතාවය උකහා ගත හැකිය.

ඉ‍ෙගනීම, සිතීම, කතා කිරීම සහ අත්දැකීම් ලැබීම යන තම අරමුණු සමඟ සත්‍ය ලෙසම සිටිමින් දිවයිනේ ඉංග්‍රීසි අධ්‍යාපනයේ තත්ත්වය නංවන අතරම විවිධ වූ අංශ සමඟ වැඩ කරමින් සිය පරාසය පුළුල් කර ගැනීමට මේ වනවිට ‘ද ඉංග්ලිෂ් හබ්’ අවධානය යොමුකර තිබේ.

වැඩි තොරතුරු සඳහා සාරා සයින් ද ඉංග්ලිෂ් හබ්

අංක 740, කෝට්ටේ පාර,

රාජගිරිය

දුරකතන අංකය - 0112865648

ඊ- මේල් This email address is being protected from spambots. You need JavaScript enabled to view it.  අමතන ලෙස ද දන්වා සිටී.

Leave a comment

 

ld add copy

Gossip

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

 සජිත් ඇමැති මණ්ඩලය පත් කරන්නේ පොරොන්දම් බලලලු

 සජිත් ඇමැති මණ්ඩලය පත් කරන්නේ පොරොන්දම් බලලලු

සජිත් ප්‍රේමදාස එළැඹෙන ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කර ඔහු පිහි‍ටුවන ආණ්ඩුවේ අගමැතිවරයා සහ ඇමැති මණ්ඩලය...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

ක්‍රීඩා

Connet With Us