'තණ්හා රතී රඟා' ලන්ඩන් නුවරදී හොඳම චිත්‍රපටය වෙයි !

Published in පුවත්
Sunday, 07 September 2014 21:11

නිලේන්ද්‍ර දේශප්‍රිය මහතා විසින් අධ්‍යක්ෂණය කළ ” තණ්හා රතී රඟා” චිත්‍රපටය  ලන්ඩන් නුවර පැවති I Will Tell චිත්‍රපට සම්මාණ ‍උළෙලේදී හොඳම චිත්‍රපටයට හිමි සම්මාණයෙන් පිදුම් ලබා තිබේ.

“අප රටට ලැබුණු ඉහල ගෞරවයක් වශයෙන් චිත්‍රපටය ලද මෙම සම්මානය හඳුන්වන්න පුළුවන්“ චිත්‍රපටයේ අධ්‍යක්ෂක නිලේන්ද්‍ර දේශප්‍රිය අප සමඟ එසේ පැවසීය.

“I Will Tell” චිත්‍රපට උළෙල වසර 2005 සිට ලන්ඩන් නුවරදී අති උත්කර්ශවත් අන්දමින් අගෝස්තු මස 30 සිට සැප්තැම්බර් මස 9 දක්වා සෑම වසරකම පැවැත්වේ.

මෙවර සම්මාන උළෙලේදී ජූරියේ සහාභාගීත්වය දැරුවේ හොලිවුඩයේ විශිෂ්ඨතම සිනමා තිර රචකයෙකු හා උපදේශකවරයෙකු වන බාර්ට් ගැවිගන් විසිනි. 

මේ උළෙලේ දී විශිෂ්ඨ සිනමාකරුවෙකු වන Even Grea විසින් නිර්මාණය කරන It’s a Girl චිත්‍රපටය හොඳම වාර්ථා චිත්‍රපටයට හිමි සම්මානය හිමි කරගන්නා ලදී.

මෙහිදී සුවිශේෂිම අවස්ථාව ලෙස හැඳින්විය හැක්කේ නිලේන්ද්‍ර දේශප්‍රියයන්ගේ කුළුඳුල් සිනමා නිර්මාණය වන තණ්හා රතී රඟා චිත්‍රපටය චිත්‍රපට 1000කට අධික ලෝ පතල සිනමා නිර්මාණ අතුරින් හොඳම චිත්‍රපටයට හිමි සම්මානය දිනාගැනීමයි. මෙම සම්මානය සැප්තැම්බර් මස 9 වන දා පැවැත්වීමට නියමිත අති උත්කර්ශවත් සම්මාන උළෙලකදී පිරිනැමීමට නියමිතයි.

ශ්‍රි ලාංකීය චිත්‍රපට ඉතිහාසයට 1947 දක්වා දිවයන අතීතයක් ඇති වුවද ඉතා දුෂ්කර ගමනක් යමින් අද වන විට මෙවැනි උසස් නිර්මාණ බිහි වෙමින් ගෞරවනීය සම්මාන වලට පාත්‍ර වීම ශ්‍රී ලාංකික සිනමා කර්මාන්තයේ අනාගතයට සුබ ලකුණක් බව උළෙලේ සංවිධායකයින් අන්තර්ජාතිකව මුදාහරින ලද මාධ්‍ය ප්‍රකාශණයේ සදහන්.

තවද ප්‍රධාන ජූරි සභික Bart Gavigan පවසා සිටියේ “ඉතාමති විශිෂ්ඨ කතා තේමාවක්, නිසිලෙස තම නළු නිළියන් හසුරුවමින් නිලේන්ද්‍රෙග් මෙම සිනමා කෘතිය, ඔහු කෙතරම් සිනමා මාධ්‍ය හැසිරවීම පිළිබඳව ඇති දැනීම මනාව පිළිඹිබු කරන්නාවූ සිනමා කරුවකු බව ඉතා පැහැදිලි බවයි. මේ චිත්‍රපටය අපට සිහිපත් කරන්නේ Fedrico Fellini නම් වූ විශිෂ්ඨ සිනමාකරුවාගේ I Vitelloni හා La Strada චිත්‍රපටය බව ඔහු වැඩිදුරටත් පැවසීය.

මීට ප්‍රථම ඉන්දියාවේ දාදාසාහෙප් පාල්කේ චිත්‍රපට උළෙල්දී සංජේ ලීලා බන්සාලිගේ “රාම් ලීලා“ චිත්‍රපටයද පරදා හොඳම චිත්‍රපටයට හිමි සම්මානය දිනාගැනීමටත් “තණ්හා රතී රඟා”ට හැකි වුනා.

නිලේන්ද්‍ර දේශප්‍රිය අධ්‍යක්ෂණයෙන් දායක වූ තණ්හා රතී රඟා චිත්‍රපටයේ තිර රචනය සරත් කොතලාවල සහ කුමාර තිරිමාදුර ගෙනි. සම අධ්‍යක්ෂණයෙන් මෙන්ම සම නිෂ්පාදනයෙන් නතාෂා ඩ්‍රීම් එක් වී සිටී. නිලේන්ද්‍ර, සුනිල් ටී. ප්‍රනාන්දු සහ එච්. ඩී. ප්‍රේමසිරි නිෂ්පාදකවරුන්ය. ධනුෂ්ක ගුණතිලකගේ කැමරා අධ්‍යක්ෂණයකි. රොබ් නේවිස් නිෂ්පාදන සැලසුම්කරණ ශිල්පියාය. හීනටිගල ප්‍රේමදාසගේ කලා අධ්‍යක්ෂණයකි. රේණුකා බාලසූරිය විධායක නිෂ්පාදකවරියයි. නාරද ධනංජි තොටගමුව අංග රචනයෙන් ද, තපස් නායක් ශබ්ද සැලසුමෙන් ද, සහාය අධ්‍යක්ෂණයෙන් වෙරෝනිකා මාරසිංහ ද තන්හා රතී රඟා සඳහා දායකත්වය සපයා ඇත.

සරත් කොතලාවල, කුමාර තිරිමාදුර, නිමල් ජයසිංහ, සුලෝචනා වීරසිංහ, දයාදේව එදිරිසිංහ, ස්වර්ණා මල්ලවාරච්චි, අනෝජා වීරසිංහ, නීටා ප්‍රනාන්දු, කමල් අද්දරආරච්චි, ඇඩම් ආදමලී තන්හා රතී රඟා රංගනයෙන් හැඩ කරයි.

“තණ්හා රති රඟා” මෙම නොවැම්බරයේ සිට ඊ. ඒ. පී. මණ්ඩලයේ සිනමා ශාලාවන්හී සමස්ථ ප්‍රේක්ෂකයන් වෙනුවෙන් ප්‍රදර්ශනය වීමට නියමිතව තිබේ.

(cinema.lk)

rati

raga

tanha

 

Last modified on Sunday, 07 September 2014 21:22

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us