වතුකරයේ ජනතාව ජීවත්වන ප්‍රදේශ නව ජනාවාස ගම්මාන ලෙස නීත්‍යානුකූලව ප්‍රකාශයට පත්කිරීම සඳහා නීති සම්පාදනයට පියවර

Published in පුවත්
Thursday, 18 July 2024 13:03

දැනට රාජ්‍ය වැවිලි සමාගම හා ප්‍රාදේශීය වැවිලි සමාගම් යටතේ පාලනය වන වතුකරයේ ජනතාව ජීවත්වන ප්‍රදේශ හඳුනාගෙන එම ප්‍රදේශ නීත්‍යානුකූලව නව ජනාවාස ගම්මාන ලෙස ප්‍රකාශයට පත් කිරීමට අවශ්‍ය නීති සම්පාදනය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවට පසුගියදා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි විය.

එහි ඉදිරි කටයුතු පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (17) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

රාජ්‍ය වැවිලි සමාගම හා ප්‍රාදේශීය වැවිලි සමාගම් යටතේ පාලනය වන වතුකරයේ ජනතාව ජීවත වන ප්‍රදේශ නීත්‍යනුකුලව නව ගම්මාන වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන සම්පාදනය ඉතා වැදගත් හා කාලීන යෝජනාවක් බැවින් ඒ සඳහා මෙහිදී සියලු පාර්ශ්වයන්ගේ ප්‍රතිපත්තිමය එකඟතාවය පළ කෙරිණි.

මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීමේදී කඳුකරයේ දැනට ජීවත් වන සියලු ජනතාවගේ ඉඩම් අයිතිය තහවුරු කිරීම අත්‍යවශ්‍ය කරුණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා පෙන්වා දුන් අතර ඒ සම්බන්ධයෙන් වන යෝජනාවලියක් ද ජනාධිපතිවරයා වෙත භාර දුන්නේය.

එහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ ගමත්, නගරයත්, වතුකරයත් ආවරණය වන පරිදි ජනතාවට සින්නක්කර ඉඩම් සහ නිවාස අයිතිය ලබාදීම රජයේ අපේක්ෂාව බවත් ඒ වෙනුවෙන් වූ විප්ලවීය වැඩපිළිවෙළ මේ වන විට ක්‍රියාත්මක කර ඇති බවත්ය.

ප්‍රාදේශීය වැවිලි සමාගම් සමඟ සාකච්ඡා කර ඔවුන්ගේ අදහස් ද ලබා ගනිමින් අදාළ නීති සම්පාදන ක්‍රියාවලිය සිදු කිරීමටත්, ඒ වෙනුවෙන් වතුකරයේ ජනතාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ අදාළ සියලු පාර්ශ්වයන්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමටත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දුන්නේය.

ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් අමාත්‍ය ජීවන් තොණ්ඩමන්, අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද් කුමාර්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මනෝ ගනේෂන්, පලනි දිගම්බරන්, වඩිවෙල් සුරේශ්, වේලු කුමාර්, එම්. රාමේශ්වරන් සහ එම්. උදය කුමාර් යන මහත්වරුන් ද, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් ඒ.සී.එම්. නෆීල්, රාජ්‍ය වැවිලි ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය සුගත් යාලේගම යන මහත්වරුන් ඇතුළු අදාළ රාජ්‍ය නිලධාරීන් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

 WhatsApp Image 2024 07 18 at 12.54.57 02cf6a9f

WhatsApp Image 2024 07 18 at 12.54.57 79d070cb

WhatsApp Image 2024 07 18 at 12.54.57 221f7ae8

WhatsApp Image 2024 07 18 at 12.54.56 fa41c2d4

 

 

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us