පාරිභෝගිකයින් ලක්ෂ 10 ක් අඳුරේ කීම බොරුවක් - ඇමති කංචන උත්තර දෙයි Featured

Published in පුවත්
Thursday, 18 July 2024 12:54

ලක්ෂ දහයක් පමණ විදුලි පාරිභෝගිකයන් අදුරේ යැයි ඇතැම් සමාජ මාධ්‍යකරුවන් විසින් සාවද්‍ය තොරතුරු පතුරවමින් සිටින බව පැවති මාධ්‍ය හමුවකට ඒක් වෙමින් විදුලිබල සහ බලශක්ති ඇමති කංචන විජේසේකර පවසා සිටියි.

විදුලි පාරිභෝගිකයින් ලක්ෂ 10 ක් අඳුරේ යැයි සමහරු ප්‍රචාරය කරන්නේ විසන්ධි කළ සම්බන්ධතා නැවත ලබා දී ඇති බව සැලකිල්ලට නොගෙන බවත්, පැය ගණනක දී හෝ දින කිහිපයක් තුළ හිග මුදල් ගෙවා සම්බන්ධතා නැවත ලබාගන්නා බවත්, ඕනෑම දිනක විසන්ධි වී ඇති සඛ්‍යාව 12,000 ක් පමණ බවත් එහිදී අමාත්‍යවරයා පැවසිය.

එමෙන්ම හිග බිල් අයකර ගැනීමට විදුලි විසන්ධි කිරීම බොහෝ කලක සිට සිදුවන බව ත් එවිට බොහෝ විට පැය ගණනක් තුළ මුදල් ගෙවා සම්බන්ධතාව නැවත ලබා ගැනීම සිදුවෙන බවත් එලෙස විදුලිය විසන්ධි වී සිටින පිරිස ඕනෑම දිනක 12,000 ඉක්මවන්නේ නැති බවත් අමාත්‍යවරයා පැවසිය.

විදුලිය කපා ලක්ෂ 10 ක් අඳුරේ බව ඇතැම් අය ප්‍රකාශ කරන්නේ ආපසු දුන් සංඛ්‍යා සැලකිල්ලට නොගෙන විසන්ධි කළ සංඛ්‍යා පමණක් යොදාගෙන බවත් හෙතෙම අවධාරණය කර සිටියේය.

 

ඇමතිවරයා මෙම තොරතුරු හෙළි කළේ විසන්ධි කළ ලක්ෂ 10 ක පාරිභෝගිකයින්ගේ විදුලි සැපයුම් මෙම විදුලි ගාස්තු අඩු කිරීමෙන් පසු ලබා දෙන්නේ දැයි මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු සපයමිනි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us