වයස18 සම්පූර්ණ වූ 76,000 කට මෙවර ඡන්ද හිමිකම

Published in පුවත්
Wednesday, 17 July 2024 09:48

මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා 2024 වසරේ පෙබරවාරි මස පළමුවැනිදා සිට මැයි 31 වැනිදා දක්වා වයස අවුරුදු 18 සම්පූර්ණ වූ 76,000 කට අවස්ථාව හිමිවී තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසා සිටියි.

මැතිවරණ කොමිෂන් සභාවේ ඊයේ (16 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදී සභාපතිවරයා මේ බව කියා සිටියේය.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක පැවසුවේ , මෙවර ජනාධිපතිවරණය සඳහා 2024 ඡන්ද හිමි නාමලේඛනයට අනුව ඡන්දය ප්‍රකාශ කිරීමට එක්කෝටි හැත්තෑ එක් ලක්ෂ හතළිස් දහසක් (17,140,000) සුදුසුකම් ලබා සිටින බවයි.

මෙම ඡන්ද හිමි නාමලේඛනය කොටස් දෙකකින් සකස් කර තිබෙන බවත්, 2024 සකස් කරන ලද ප්‍රධාන නාමලේඛණය සහ අවුරුදු 18 සම්පූර්ණ වූ අලුත් ඡන්දදායකයන්ට අවස්ථාව සැලසීම සඳහා සකස් කරන ලද පරිපූරක ඇස්තමේන්තුවට අනුව මෙවර ඡනාධිපතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව සලසා ඇති බවද පැවසීය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us