ක්ලබ් වසන්තගේ බිරිඳ මැණික්ට මල් වඩමක්

Published in පුවත්
Wednesday, 17 July 2024 09:17

අතුරුගිරියේදී වෙඩි ප්‍රහාරයට ලක්වූ 'ක්ලබ් වසන්තගේ' බිරිඳ 'මැණික් විජේවර්ධන'ගේ සෞඛ්‍ය තත්ත්වය එතරම් යහපත් නොවන බව රෝහල් ආරංචි මාර්ග පවසා සිටියි.

එම අවස්ථාවේදී ඇයගේ පපු ප්‍රදේශයට වෙඩි වැදී තිබු බවත්, එම වෙඩි උණ්ඩ ශල්‍යකර්මයකින් ඉවත් කිරීමට වෛද්‍යවරුන් කටයුතු කර ඇති බවත් සඳහන්.

කෙසේ වෙතත් ඇය තවදුරටත් කළුබෝවිල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර ඇයව මේ වනවිට සැක්කම් 03කට භාජනය කර තිබෙන බව ද වාර්තා වේ.

මේ අතර නන්නාඳුන පුද්ගලයෙකු හෝ පිරිසක් විසින් පසුගියදා දිනක ඇයට මල්වඩමක් යවා ඇති බව වාර්තා වු අතර එම සිද්ධියෙන් පසු රෝහල අවට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බවද සඳහන්.

'ක්ලබ් වසන්තගේ' අවමංගල්‍යය පැවැත්වෙන දිනයේදී ඇයව ඊට සහභාගි කරගැනීම වසන්තගේ දරුවන්ගේ අපේක්ෂාව වී ද ඇය තවදුරටත් අසාධ්‍ය තත්ත්වයේ පසුවීම හේතුවෙන් එය ව්‍යාර්ථ වී තිබේ.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us