මොළේ උණ රෝගය හේතුවෙන් ගාල්ල බන්ධනාගාරය වසා දමයි

Published in පුවත්
Wednesday, 17 July 2024 08:59

ගාල්ල බන්ධනාගාරයේ රැඳවූවකු මොළේ උණ රෝගය වැලඳීමෙන් මියයාම සහ තවත් රැඳවූවන් දෙදෙනකුට මොළේ උණ රෝගය වැලඳීම හේතුවෙන් ගාල්ල බන්ධනාගාරයේ කටයුතු සෞඛ්‍ය නිර්දේශ මත සතියකට සීමා කර තිබෙන බව වාර්තා වේ.

ගාල්ල බන්ධනාගාරගතව සිටි රැඳවූවකු උණ රෝගය වැල ඳී කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබේ. එම රැඳවූවා මොළේ උණ රෝගය වැලඳීමෙන් මියගොස් ඇති බව පශ්චාත් මරණ පරීක්ෂණයේ දී අනාවරණය වී ඇත. බන්ධනාගාරයේ සිටි තවත් රැඳවූවන් දෙදෙනකු උණ රෝගය වැලඳීමෙන් කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කොට ඇති අතර එම රැඳවූවන් දෙදෙනාටද මොළේ උණ රෝගය වැළ ඳී ඇති බව තහවුරු වී තිබෙන බව බන්ධනාගාර ආරංචි සඳහන් කරයි.

මේ හේතුවෙන් ගාල්ල බන්ධනාගාර කාර්යාලය පවසන්නේ  මෙම  කාලය තුළ අමුත්තන් බැලීමේ කටයුතු සීමා කර තිබෙන අතර බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගේ උපදෙස් මත ගාල්ල බන්ධනාගාරයේ කටයුතු සීමා කිරීමට පියවර ගෙන ඇති බවයි.

ගාල්ල බන්ධනාගාරයට රැගෙන එනු ලබන නවක රැඳවූවන් අඟුණකොළපැලැස්ස බන්ධනාගාරය වෙත මාරු කිරීමට පියවර ගෙන ඇති අතර අධිකරණයට ඉදිරිපත් කළ යුතු රැඳවූවන් ස්කයිප් තාක්ෂණය ඔස්සේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ති‌බේ.

 

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us