මඩේ එරුණ අලි පැටියාගේ වලිගය කපාගෙන ගිහින්

Published in පුවත්
Sunday, 07 September 2014 20:12

දිය බීමට පැමිණි අලි පැටවෙකුගේ වලිගයේ කොටසක්  කිසියම් පුද්ගලයෙකු විසින් කපා දැමීම නිසා එම අලි පැටවා අසාද්‍ය තත්ත්වයෙන් පසුවීමේ පුවතක් උඩවලව, ප‍්‍රදේශයෙන් වාර්තාවේ.

 මෙම අවාසනාවන්ත ඉරණමට ගොදුරු වී ඇත්තේ මවුආර ජලාශයේ දිය බීමට පැමිණි අවුරුදු 05ක පමණ අලි පැටවෙකි. මෙම අලි පැටවා දිය බීමට පැමිණි අවස්ථාවේ මඬේ එරී ඇත.


අලි පැටවාගේ වලිගය කපා දමා ඇත්තේ එම අවස්ථාවේදි බව  උඩවලව වනෝද්‍යාන භාරකරු කැළුම් පතිරණ මහතා  කියා සිටියේ ය.


" මඩවගේ තියනවා සමහර තැන් වතුර බොන අලින්ට බහින්න අමාරුයි... එහෙම තැනක තනියෙන් ඉන්න පිරිමි අලියෙක් තමයි මඩට බැහැල තියෙන්නේ... මඬේ එරිලා තියනවා ඒ සතා... ඊයේ අපි ඒ සතාව ගොඩටගත්තා...

ඒවෙනකොට ඒ සතාගේ කෙදි තියන හරියේ කොටසක් කපාගෙන ගිහින් තියනවා... මඬේ එරිලා ඉන්න සතාගේ වලිගේ කෑල්ලක් කපාගෙන යනවා කියන්නේ වචනෙන් කියන්න බැහැ කරපු වඬේනම්... සතා අසාද්‍ය තත්වයේ තමයි ඉන්නේ...  "


මෙම සිද්ධියට සම්බන්ධ පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා කටයුතු කරන බවද උඩවලව වනෝද්‍යාන භාරකරු කැළුම් පතිරණ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.


" ගම්මාන වටේම තියනවා... ඒ නිසා අනවසරයෙන් ඇතුල් වෙන පුද්ගලයෙක්ගේ වැඩක් කියලා තමයි අපි හිතන්නේ.. කවුද මේක කරේ කියලා අපි සොයලා බලනවා... "යයි ද ඔහු පැවසිය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us