ශ්‍රී ලංකාව හා ජපානය අතර ගිවිසුම් කිහිපයක්

Published in පුවත්
Sunday, 07 September 2014 20:20

ශ්‍රී ලංකාව සහ ජපානය දෙරට අතර වැඩිදුර සහයෝගීතාවය සඳහා ගිවිසුම් කිහිපයට එළැඹී තිබේ.

ජපානය සහ ශ්‍රී ලංකාව අතර ඒකාබද්ධ ගිවිසුම - සමුද්‍රික රටවල් අතර නව හවුලක් වෙනුවෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ හා ජපාන අගමැති ෂින්සෝ අබේ යන මහත්වරු අත්සන් තබා තිබේ.

එමෙන්ම, භෞමික රූපවාහිනී ඩිජිටල්කරණ ව්‍යාපෘතිය සඳහා යෙන් ණය අවබොධතා ලිපි හුවමාරුවද මෙහිදී සිදුවිය.


දිවයිනට පැමිණ සිටින ජපාන අග‍්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතා සහ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් අද රාත‍්‍රියේ පැවැත්වේ. ඒ, අරලියගහ මන්දිරයේදීය.

ජපාන අග‍්‍රාමාත්‍යවරයා අද පස්වරුවේ ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නිරීක්ෂණ චාරිකාවකට ද එක්විය.

 අද පෙරවරුවේ කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපොළින් දිවයිනට පැමිණි ෂින්සෝ අබේ මහතා පිළිගනු ලැබුවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය විසිනි.

ඉන් අනතුරුව ජපාන අග‍්‍රාමාත්‍යවරයා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දෙමහල් මගී පර්යන්ත වැඩබිම නිරීක්ෂණය කරනු ලැබිය.


මෙම දෙමහල් මගී පර්යන්තයේ ඉදිකිරීම්වලට අදාළ සමරු ඵලකය ද විවෘත කරනු ලැබුවේ ජපාන අග‍්‍රාමාත්‍යවරයා විසිනි.


ජපන් අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මැතිතුමා සහ ආර්යා අකි අබෙ මැතිණිය ඇතුළු ජපන් ව්‍යාපාරික හා දූත පිරිස අද (07) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයට සම්ප්‍රාප්ත වූහ.

 
ගාලු මුවදොර මාර්ගයේදී විවිධ සාම්ප්‍රදායික නර්තන හා සංස්කෘතික අංග මධ්‍යයේ අබෙ මැතිතුමා සහ පිරිස පැමිණි රථ පෙළ ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණියහ.

 
ජපන් අග්‍රාමාත්‍ය ෂින්සෝ අබෙ මැතිතුමා සහ ආර්යා ඇතුළු පිරිස ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මැතිණිය ඇතුළු මැතිඇමතිවරු විසින් ජනාධිපති ලේකම් කාර්යාලයට මහත් හරසරින් පිළිගන්නා ලදී.

 
ජපන් ජාතික ගීය හා ශ්‍රී ලංකා ජාතික ගීය වාදනය කිරීමෙන් අනතුරුව ජපන් අග්‍රාමාත්‍යවරයා වෙනුවෙන් ආචාර වෙඩිමුර පිරිනැමීම හා ත්‍රිවිධ හමුදා උත්තමාචාර දැක්වීම සිදු කරන ලදී.


එහිදී අග‍්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතා මහතා, විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා, බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා, බස්නාහිර ආණ්ඩුකාර අලෙවි මවුලානා මහතා, ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා, විදුලිබල හා බලශක්ති අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ මහතා, විදේශ කටයුතු අමාත්‍යංශ ලේකම් ක්ෂෙනුකා සෙනෙවිරත්න මහත්මිය සහ ජපානයේ ශ්‍රී ලංකා තානාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා, ශ්‍රී ලංකාවේ ජපන් තානාපති නොබුහිතෝ හොබො මහතා ඇතුළු මැති ඇමතිවරු විසින් ජපන් අග්‍රාමාත්‍යවරයා පිළිගනු ලැබූහ.

 මේ අතර ජපාන අග‍්‍රාමාත්‍යවරයා සහ විපක්ෂ නායකවරයා අතර හමුවක් හෙට පෙරවරුවේ පැවැත්වීමට නියමිතය.

1952 වසරේ ජපාන තානාපති කාර්යාලයක් කොළඹදී පිහිටුවීමත් සමග දෙරට අතර තානාපති සබඳතා නිල වශයෙන් ආරම්භ කෙරින.


1953 වසරේදී ශ‍්‍රී ලංකාව විසින් ටෝකියෝ නුවරදී නියෝජිත කාර්යාලයක් පිහිටුවනු ලැබිය.


ජපාන - ශ‍්‍රී ලංකා සබඳතාවල 60වන සංවත්සර සැමරුම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉකුත් වසරේ ජපානයේ සංචාරයක නිරතවිය.

Japan PM

03

04

07

08

10

17

 

 



Last modified on Sunday, 07 September 2014 21:03

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us