දක්ෂිණ ලංකා අධිවේගී මාර්ගයේදී රිය අනතුරකට ලක්වූ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්රී අජිත් මාන්නප්පෙරුම මන්තී්රවරයා වැඩිදුර ප්රතිකාර සඳහා නාගොඩ රෝහලේ සිට කොලඔ ජාතික රෝහලට මාරු කර යැවිය.
ඔහු ගමන්ගත් ජීප් රථයේ රියදුරට රථය පාලනය කර ගැනීමට නොහැකිව මෙම අනතුර සිදුව තිබෙන බව පොලීසිය කියයි.
රථයේ රියදුරද තුවාල ලබා තිබේ. රථයේ තිදෙනෙකු ගමන්කර තිබෙන බවත් දොඩම්ගොඩ ප්රදේශයේදී අනතුර සිදුව තිබෙන බවද පොලිසීය තව දුරටත් පවසයි.
මන්ත්රීවරයා මොනරාගල මැතිවරණ කටයුතු වල නිරත වී නැවත කොළඹ බලා පැමිණීමේදී මෙම අනතුරකට ලක්ව තිබේ.