අලුත්ගම ගැටුම් හා ගැටුම් වලට පෙර දින අලුත්ගම නගරයේ ඒ හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති රැස්වීමදී ජාතිවාදීය ඇවිස්සෙන සුළු කතාවක් කළැයි ආණ්ඩුවේ ඇමතිවරු මෙන්ම, විපක්ෂයේ මන්ත්‍රීවරු පවා චෝදනා කළේය.
ඒ හිමියන් පසුව පැවසුයේ තමන් එවැනි කතාවක් නොකළ බවයි.
කෙසේවුවද, අද පස්වරු 1 ට පමණ උන්වහන්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබිණි.
මීට පෙර සිංහල රාවය සංවිධානයේ පූජ්‍ය අක්මීමන දයාරතන හිමියන්ගෙන්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් ලබාගෙන ඇත.
අලූත්ගම පැවති රැස්වීමේදී අදහස් දැක්වූ අනෙකුත් කථිකයන්ගෙන්ද ප්‍රකාශ ලබාගැනීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිකුත් කළ නිවේදනයක වැඩිදුරටත් දැක්වේ.