මේ අධ්‍යයනය සඳහා ම ආචාර්ය රගෝනේ 2003 වසරේදී මෝයි දිවයිනේ දී පර්යේෂණාගාරයක් ද විවෘත කිරීමට කටයුතු කළා ය.
චිකාගෝ නුවර නෝර්ත්වෙස්ටන් විශ්වවිද්‍යාලයේ ආචාර්ය නයිරේ සිගේරා සමග රෙගෝනා මහත්මිය මේ ගැන වැඩිදුර පරීක්ෂණ පවත්වා ඇත. මෙම පරීක්ෂණයට දෙල් ගසේ මුල් පද්ධතියේ පටක යොදා ගනිමින් කරන ලද ඩී.එන්.ඒ. පරීක්ෂණයක් ද ඇතුලත්ය. ආචාර්ය රගෝනා මහත්මිය පවසන්නේ ලොව මුලින්ම මිනිස් ආහාරය සඳහා එක්කැරගෙන ඇති දෙල් වර්ගය නිව්ගිනියාවේ වැඩෙන බ්‍රෙඩ්නටස් නමැති දෙල් වර්ගය බවයි.
මේ පර්යේෂණයෙන් පසු ශාන්තිකර දූපත්වල වෙසෙන වැසියන් හා විද්‍යාඥයින් දෙල් ශාක වැවීම කෙරෙහි වඩාත් නැඹුරුව සිටියි. පැසිපික් කලාපයේ රටවල සහල්, තිරිඟු හා ඉරිඟු වගා කරන හෙක්ටයාර ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් දෙල් වගා කිරීමට ගොවියන් තීරණය කැර ඇත.
බරින් කිලෝග්‍රෑම් තුනක පමණ දෙල් ගෙඩියකින් මිනිසුන් පස් දෙනකුට දිනකට අවශ්‍ය වන කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය ලබාගැනීමට අවකාශ ඇත. දෙල් යනු කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, සහ විටමින් වර්ග රැසකින් යුත් ආහාරයකි. මෙහි ඇති ප්‍රෝටීන්වලින් නිපද වන ඇමයිනෝ අම්ල සෝයා බෝංචි මගින් ලැබෙන ඇමයිනෝ අම්ල ප්‍රමාණයට වඩා අධික බව පර්යේෂකයන්ගේ මතයයි.
පොලිනීසියාවේ අපූරු සම්ප්‍රදායක් පවතී. ඒ සෑම ළමයකුගේ ම උපත සිහිවීම පිනිස උපන් විගස දෙල් පැලයක් සිටුවන බවයි. ආචාර්ය නයිරේ සිගේරා පවසන්නේ මේ සම්ප්‍රදාය සමස්ත ලෝකවාසීන් විසින් ආදර්ශයට ගත යුතු දෙයක් බවයි.
(ලංකාදීප)