‘ට්‍රාන්ස්පේරන්සි' සමුළුව පවත්වන්නවත් ඉඩක් නැහැ - කරු

Published in පුවත්
Wednesday, 02 July 2014 20:19

ජාත්‍යන්තරව පිළිගත් ආයතනයක් වන ‘ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල්’ හි ශ්‍රී ලංකා ශාඛාවේ වාර්ෂික මහා සමුළුව පසුගිය 27 වෙනිදා, පැවැත්වීමට වෙන් කරවා ගෙන තිබූ හෝටලයට දුරකථන ඇමතුමක් ලබාදෙමින් ඒ සියලු කටයුතු අවුල් කලේ ප්‍රබල දේශපාලන හස්තයක මැදිහත්වීමකින් බව එක්සත් ජාතික පක්ෂ නායකත්ව මණ්ඩල සභාපති කරු ජයසූරිය මහතා පවසයි.

ඔහු විසින් අද මාධ්‍ය වෙත නිකුත් කරනු ලබන නිවේදනයක ඒ බව සඳහන්වේ.

මහජන මුදල් නාස්තිය, මූල්‍ය අක්‍රමිකතා ගැන හෙළි වනවාට ආණ්ඩුව තුල ඇති බියසුළු බව, නොඑසේ නම් තැතිගැන්ම මෙවැනි සිද්ධීන් මඟින් පැහැදිලි වන බව ද එම නිවේදනයේ සඳහන් වේ.

එඑම නිවේදනය පහත පළවේ.

සන්ධාන ආණ්ඩුවත්, එහි නායකකාරකාදිනුත් පුන පුනා කියා සිටිනුයේ තමන් තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදයක් වෙනුවෙන් කැප වී සිටින බවයි. මේ රට “කේතුමතී රාජ්‍යයක් ” බවට පරිවර්තනය කිරිමට පේවී සිටින බවයි.

ආණ්ඩුව මේ සඳහා සද්භාවයෙන් ම කැපවී පේවී සිටින්නේ නම් අපට මේ තරම් මහජන මුදල් නාස්ති කිරීම්, දූෂණ, වංචා අවනීතිය රජකරවීම් ගැන අසන්නට දකින්නට ලැබෙන්නේ නැත.

එහෙත්, සැබෑව මෙය නොවේ.

ජාත්‍යන්තරව පිළිගත් ආයතනයක් වන ‘ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල්’ හි ශ්‍රී ලංකා ශාඛාවේ වාර්ෂික මහා සමුළුව පැවැත්වීමට දින නියම කර තිබුණේ පසුගිය 27 වෙනිදාට ය.

එහෙත්, එය පැවැත්වීම සඳහා වෙන් කරවා ගෙන තිබූ හෝටලයට ලැබී තිබුණු එක් දුරකථන ඇමතුමක් මඟින් සියල්ල අඩාල වුනු බව එම සංවිධායකයන් හෙළි කරන අතර, හදිසි ප්‍රබල දේශපාලන හස්තයක මැදිහත්වීමකින් මිස එක් දුරකථන ඇමතුමක් මඟින් මෙවැනි පෙරළියක් කළ නොහැකි බව අමුතුවෙන් කියා දිය යුතු කාරණාවක් නොවේ.

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය මඟින් මෙයට පෙර දී මාධ්‍ය වේදීන් දැනුවත් කිරීමට වැඩමුළු සංවිධානය කර තිබුණු අතර, ඒවාට ද මෙයට නොදෙවනි ආකාරයේ බාධා කිරීම් වුනු බව ද සිහිපත් කළ මනා ය.

මෙම සිද්ධින් ගැන විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවේ දී අගමැතිවරයාගේ අවධානයට ලක් කරන ලදී. ඒ ගැන ආණ්ඩුව තවමත් නිහඬය. තත්ත්වය එසේ තිබිය දී තව දුරටත් මෙවැනි ආකාරයේ සිදුවීම පිලිබඳව අපි විරෝධය පළ කරන්නෙමු.

මහජන මුදල් නාස්තිය, මූල්‍ය අක්‍රමිකතා ගැන හෙළි වනවාට ආණ්ඩුව තුල ඇති බියසුළු බව, නොඑසේ නම් තැතිගැන්ම මෙවැනි සිද්ධීන් මඟින් පැහැදිලි වන අතරම මේ රටේ 17 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මරා දමා 18 වැනි සංශෝධනය හරහා විධායක ජනාධිපති ධුරය වටා තව තවත් විධායක බලතල ඒකරාශී කිරීමේ හා නිදහසේ තොරතුරු දැන ගැනීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ දී හිතාමතාම පරාජය කරලීමේ ආදීනව ප්‍රකට වන බව පෙන්වා දෙන්නෙමු.

අප කියා සිටින්නේ ආණ්ඩුව කියන දේ හා කරන දේ අතර වන පරස්පරය දැන් ජනතාව හමුවේ සනාථ වෙමින් ඇති බවයි.

ආණ්ඩුව කියන ආකාරයේ තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදයක් හා ජනහිතකාමී බවක් වත්මන් ආණ්ඩුව තුළ නොමැති බව ප්‍රකාශ කරන අතරම මේ තත්ත්වය වෙනස් කළ හැක්කේ රාජපක්ෂ රෙජීමය ගෙදර යැවීමෙන් හා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරිම මඟින් පමණක් බව ද ප්‍රකාශ කරමු.

Leave a comment

ld add copy

Gossip

රනිල්ගේ දරුවෝ ගේම ඉල්ලලා

රනිල්ගේ දරුවෝ ගේම ඉල්ලලා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභා රැස්වීමක් පසුගිය 27 වෙනිදා පැවැත්විලා තිබුණා. ඒ, හිටපු ජනාධිපති...

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

උමාලි තිලකරත්න කියලා කියන්නේ හැමෝම ආදරය කරන රංගන ශිල්පිණියක්. ඇය ඉතාම ආදරෙන් විවාහා වී සිටියේ සාරංග...

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

"පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුරුන්ද කියලා තවම කිසි කෙනෙක් කියලා නෑ. ඒක මම දන්නවා කවුද කළේ කියලා"

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

මෙරට පිහිටි සියලුම මැක්ඩොනල්ඩ් අවන්හල් ශාඛාවන් නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

Connet With Us