'ෆොන්සේකා කවුදැයි අධිකරණයේදී හෙළි කරනවා'

Published in පුවත්
Wednesday, 02 July 2014 16:20

ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා මහතා සම්බන්ධයෙන් ජනතාව නොදත් සැබෑ තතු රාශියක් හෙළි කිරීමට තමන් සූදානමින් සිටින බව ඔහුගේ හිටපු මාධ්‍ය ලේකම් සංජීව සමරසිංහ මහතා පවසයි.

තමන්ට විරුද්ධව, සරත් ෆොන්සේකා මහතා අධිකරණයේ නඩුවක් ගොනු කිරීම සම්බන්ධයෙන්, ආණ්ඩුවේ 'ලංකාපුවත්' සේවයට විශේෂ ප්‍රකාශයක් ලබා දෙමින් සංජීව සමරසිංහ මහතා ඒබව සඳහන් කර ඇත.

තමන් එක්තරා පුවත්පතකට ලබා දුන් කරුණු සම්බන්ධයෙන් එලෙස නඩුවක් ගොනු කර ඇති බවත් ඒ සඳහා කටවඋත්තර ලබා දීම ලබන 08 වනදාට පෙර සිදු කරන ලෙස තමන්ට දැනුම්දී ඇති බවත් ඔහු පැවසීය.

ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ හිටපු මාධ්‍ය සම්බන්ධීකරණ ලේකම් සංජීව සමරසිංහගෙන් රුපියල් මිලියන 100ක වන්දියක් ඉල්ලා, ෆොන්සේකා මහතා අද (02) අධිකරණය හමුවේනඩුවක් පවරා තිබේ.

පක්ෂ නායක සරත් ෆොන්සේකා මහතා‍ට අපහාස වන අයුරින් සංජීව සමරසිංහ හිටපුමාධ්‍ය සම්බන්ධීකරණ ලේකම්වරයා කටයුතු කළ බව සඳහන් කරමින් මෙම නඩුව ගොනු කළබව එම පක්ෂය සඳහන් කරයි.

පසුගිය කාලයේදී සංජීව සමරසිංහ විසින් විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය මගින්ෆොන්සේකා මහතාට අපහාස වන අයුරින් කටයුතු කළ බවත් එබැවින් ඔහුට එන්තරවාසියක්යැවූ නමුත් ඊට පිළිතුරක් නොලැබුණු බැවින් මෙම පියවර ගත් බව එම පක්ෂය සඳහන්කරයි.‍

කෙසේ නමුත් මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වමින් සංජීව සමරසිංහ මහතා කියා සිටියේ මෙලෙස අධිකරණය ඉදිරියට පැමිණ සරත් ෆොන්සේකා මහතාගේ සැබෑ තතු ඉදිරිපත් කිරීමට ලැබීම තමා ලැබූ භාගයක් බවයි.

එමෙන්ම අධිකරණය ඉදිරියේ සියළු කරුණු පවසන බවත් මෙම නඩු විභාගය සම්බන්ධයෙන් තමන්ට කිසිඳු බියක් නොමැති බවත් සමරසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියි.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us