පාතාල මර්දනයට ඉදිරියට තබපු පියවර පසුපසට ගන්න පොලිසිය සුදානම් නැහැ - පොලිස්පති 

Published in පුවත්
Friday, 12 July 2024 16:12

පාතාල මර්දන ක්‍රියාවලියේ නිරතව සිටින පොලිස් නිලධාරීන් ඝාතනය කරන බවට තොරතුරු පතුරවමින්, තර්ජනය කරමින් නම් ලැයිස්තු සමාජ මාධ්‍ය වෙත මුදා හරිමින් බියගැන්වීම සඳහා උත්සාහ ගත්ත ද, පාතාලයට විරුද්ධව ඉදිරියට තබපු පියවර පසුපසට ගැනීමට පොලිසිය සුදානම් නොමැති අතර, පසුගිය යුද සමයේ ත්‍රස්තවාදී තර්ජන සඳහා නොබියව මුහුණ දී තම ජීවිතය පරිත්‍යාග කළා සේම වර්ථමානයේ කුඩු සහ පාතාලය තුරන් කිරීම සඳහා තම ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ හැකි පොලිස් නිලධාරීන් දහස් ගාණක් පොලිසිය සතුව සිටින බව පොලිස්පතිතුමන් පැවසීය.

 

එතුමන් මෙම අදහස් පල කළේ, 2024.07.11 වන දින පුත්තලම වනාතවිල්ලුව ප්‍රදේශයේ ඉදිකළ නව දහන උඳුන මඟින් කොකේන් කිලෝග්‍රෑම් 355 ග්‍රෑම් 881 ක් දවා විනාශ කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.


මෙහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් පොලිස්පතිතුමන් කියා සිටියේ, විධිමත් සැලැසුමකට අනුව මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීම සහ පාතාලය මර්දනය කිරීම සිදු කරන විට , පාතාලයට සම්බන්ධ සැකකරුවන් 900කට ආසන්න පිරිසකගෙන් 800 ට අධික පිරිසක් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බවත්, “යුක්තියේ මෙහෙයුමේ දෙවන අදියර” මඟින් නීති විරෝධි ගිනි අවි අත්අඩංගුවට ගැනීම සඳහා වැඩි අවදානයක් යොමු කරන බවත්, දෙසැම්බර් මාසේ සිට මේ දක්වා කාලය තුළ ගිනි අවි 296 ක් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් කළ පොලිස්පතිතුමන් අවසාන වශයෙන් කියා සිටියේ පාතාලය ලෙසින් පෙනි සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සහ මත්ද්‍රව්‍ය ජාවාරම යනු එකම කාසියක දෙපැත්තක් බවත්, මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයන අතිවිශාල ධනස්කන්ධය මඟින් මෙම අපරාධකරුවන් පෝෂණය වන බැවින් අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ජනතා සහාය අවශ්‍යව ඇති බවයි' යනුවෙන් පැවසීය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us