රජයේ ඉඩම්වල පදිං­චි­, රණ­වි­රු­වන්ට ඉඩමේ සින්න­ක්කර අයිතිය පවරයි

Published in පුවත්
Saturday, 13 July 2024 12:27

රණ­වි­රු­වන්ගේ පදිං­චි­යට දී ඇති රජයේ ඉඩම් සඳහා කොන්දේසි විර­හිත සින්න­ක්කර ඔප්පු පිරි­නැ­මීමේ වැඩ­ස­ට­හ­නක් ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහ­තාගේ සංක­ල්ප­ය­කට අනුව ක්‍රියා­ත්මක කර තිබේ.

මෙරට ස්වෛරී­භා­වය රැක­ගැ­නීම වෙනු­වෙන් සිය ජීවිත කැප කළ, සක්‍රීය ක්‍රියා­න්වි­තයේ රාජ­කාරි කළ ත්‍රිවිධ හමු­දාවේ, ශ්‍රී ලංකා පොලිසියේ හා සිවිල් ආර­ක්ෂක බළ­කායේ දිවි පිදූ හා ආබා­ධිත වූ රණ­වි­රු­වන් හා ඔවුන්ගේ යැපෙ­න්නන් වෙනු­වෙන් පදිං­චිය සඳහා දී ඇති රජයේ ඉඩම් සඳහා කොන්දේසි විර­හි­තව හා ගාස්තු අය කිරී­ම­කින් තොරව සින්න­ක්කර අයි­තිය දීම මෙහිදී සිදු කෙරේ.

මෙරට සෑම බිම් අඟ­ල­කම සියලු දෙනාට බිය­කින්, සැක­ය­කින් තොරව යෑමට ඉඩ ප්‍රස්තාව උදා කර දීම වෙනු­වෙන් සිය ජීවි­තය කැප කළ විරෝ­දාර රණ­වි­රු­වන්ට මවු­බිමේ බිම් කැබැ­ල්ලක අයි­තිය තහ­වුරු කර දීම මේ වැඩ­ස­ට­හනේ අර­මු­ණයි. මේ වැඩ­ස­ට­හන ජනා­ධි­පති කාර්යා­ලයේ මෙහෙ­ය­වී­මෙන් ක්‍රියා­ත්මක කෙරේ.

ජනා­ධි­ප­ති­ව­රයා විසින් අංක PS/CM/APL/267/2024 හා 2024-05-13 දිනැ­තිව රණ­වි­රු­වන්ගේ පදිං­චිය සඳහා ලබා දී ඇති රජයේ ඉඩම් සඳහා පූර්ණ සහන ලබා­දීම සඳහා ඉදි­රි­පත් කරන ලද අමාත්‍ය මණ්ඩල සන්දේ­ශ­යට ලද අංක අමප/24/0898/601/058 හා 2024/05/23 දිනැති අමාත්‍ය මණ්ඩල තීර­ණය අනුව රණ­වි­රු­වන්ට පහත සඳ­හන් සහන හිමිව තිබේ.

ඒ අනුව විධි­මත් තෝරා­ගැ­නීමේ ක්‍රම­වේ­ද­ය­කින් සුදු­සු­කම් ලබා ඇතත් මෙතෙක් සංව­ර්ධ­නය කර ගැනී­මට අපො­හො­සත් වූ සියලු රණ­විරු කාණ්ඩ සඳහා රුපි­යල් 100ක නාම මාත්‍ර බදු මුද­ලක් යටතේ විශේෂ බද්දක් දීම, බදු ගත් ඉඩම් සංව­ර්ධ­නය සඳහා මුල්‍ය පහ­සු­කම් සල­සා­ගැ­නීම සඳහා පහසු වන පරිදි විශේෂ බදු­ක­රයේ කොන්දේසි ලිහිල් කිරිම, සංව­ර්ධ­නය කර­මින්/ සංව­ර්ධ­නය කර ඇති ඉඩම් සඳහා නොමිලේ නිද­හස් දීමනා පත්‍ර දීම, මධ්‍යම පාන්තික ගැනුම් මිල කාණ්ඩය යටතේ සුදු­සු­කම් ලබා ඇති නේවා­සික පද­න­මින් සංව­ර්ධ­නය කර ඇති ඉඩම් සඳහා නිද­හස් දීමනා පත්‍ර ලබා­දීම, කොන්දේසි සහිත විශේෂ දීමනා පත්‍ර ප්‍රති­පා­දන ප්‍රකා­රව පෘෂ්ඨාං­ක­නය කිරීම හා කොන්දේසි ඉවත් කිරීම විධි­මත් ලෙස ලියා­ප­දිංචි කිරීම, මැනුම් නියෝ­ග­ව­ලට අදාළ පිඹු­රු­පත් හා රේඛා චිත්‍ර ලබා ගැනීම මිනි­න්දෝරු දෙපා­ර්ත­මේ­න්තුව වෙත ගෙවිය යුතු මැනුම් ගාස්තු­ව­ලින් නිද­හස් කිරීම ආදිය ඊට ඇතු­ළත් වේ.

සියලු රණ­විරු කාණ්ඩ සඳහා නිර­වුල් භූමි­යක හිමි­කා­රි­ත්ව­යක් දීමේ මේ ජාතික වැඩ­ස­ට­හන මාස 4ක් තුළ අව­සන් කිරී­මට නිය­මිත අතර, මේ පිළි­බඳ රණ­වි­රු­වන් දැනු­ම්වත් කිරීම හා ඔවුන්ගේ ගැටලු සම්බ­න්ධ­යෙන් කඩි­නම් විස­ඳුම් දී කොන්දේසි විර­හිත සින්න­ක්කර ඔප්පු දීම සඳහා රට පුරා තෝරා­ගත් ස්ථාන 4කදී ජනා­ධි­පති කාර්යා­ලයේ මෙහෙ­ය­වී­මෙන් ජංගම වැඩ­ස­ට­හන් පැවැ­ත්වී­ම­ටද කට­යුතු සංවි­ධාන කර ඇත.

ඊට සම­ගා­මීව පොලො­න්න­රුව දිස්ත්‍රික් ජංගම වැඩ­ස­ට­හන මේ මස 10 වන දින හිඟු­ර­ක්ගොඩ ගුවන් හමුදා මූල­ස්ථා­න­යේදී සාර්ථ­කව පැවැ­ත්වුණු අතර, මේ මස 17 දා සාලි­ය­පුර ගජබා ‍රෙජිමේන්තු මධ්‍ය­ස්ථා­න­යේ­දීද, 19 දා කුරු­ණෑ­ගල විජ­යබා රෙජි­මේන්තු මධ්‍ය­ස්ථා­න­යේ­දීද, 23 දා කළු­තර පොලිස් අභ්‍යාස විද්‍යා­ල­යේ­දීද එම ජංගම වැඩ­ස­ට­හන් පැවැ­ත්වී­මට කට­යුතු යොදා ඇත.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us