එහෙත් මේ වනතෙක් ඉංග්‍රීසි භාෂාව හා සිංහල භාෂාව අතර පරිවර්ථන සඳහා Google Translator සහාය දක්වා නොමැත. මේ වනවිට Google සමාගම විසින් ඒ සඳහා මූලික අඩිතාලම් දමමින් සිටී.
ඒ අනුව අදින් ඇරඹෙන සතිය Sinhala Translate Week නමින් නම්කර සිංහල භාෂා පරිවර්ථනය සඳහා වැඩි අවධානයක් ලබාදෙන්නට Google සමාගමේ නියෝජිතයින් කටයුතු කර තිබේ.
මෑතක දී එක් වූ Google Translate Community එක සමග එක් වී වෙලා භාෂා පරිවර්ථන කාර්යයට වැඩි පිරිසකගේ දායකත්වය ලබාගැනීමට Google අපේක්ෂ කරයි.
එමගින් කෙටි කාලයකින්ම සිංහල භාෂාවත් Google Translator වෙත එකතු කිරීමට හැකියාව ලැබේ.
Google Translator වෙත සිංහල හඳුන්වාදීම වෙනුවෙන් දායකවීමට කැමති පුද්ගලයින්ට මෙය අවස්ථාවකි.