මත්තලට එන්නේ කපුටෝ මයිනෝ මොණරු විතරයි..

Published in පුවත්
Sunday, 07 September 2014 19:45

‘අපි හෘද සාක්ෂියට එකඟව මොන පක්ෂයට ඡන්දය දුන්නත් ඔක්කොම කළේ ජනතාව රවට්ටපු එකයි. ඡන්දයේ දී බොරු පොරොන්දු දෙනවා. සොච්චමක් දෙනවා. රුපියල් දාහක් එක්දාස් පන්සීයක් පොඩි තෑග්ගක් දෙනවා. හොඳ හිත පෙන්නනවා හැබැයි ඊට පස්සේ ජනතාවගේ සාක්කුවට බහිනවා’ යැයි ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්‍ෂයේ නායක සරත් ෆොන්සේකා මහතා සියඹලාණ්ඩුව බුද්දම ප‍්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් ඒ මහතා කීය.

එහිදී ඔහු මෙසේ ද පැවසීය.

‘කිරි බොන දරුවා පවා බදු ගෙවන තත්ත්වයට පත් කරලා තියෙන්නේ. ජනතාව නොකා නොබී හම්බ කරලා බදු ගෙවන සල්ලි තමයි මේ පාලකයෝ හොරකම් කරන්නේ සැප විඳින්නේ ඒවායෙන්.

පාසල් යන දරුවාට පොත් ටික අරන් දුන්නොත් සතියක් කන්න බෑ. ලයිට් බිල ගෙව්වත් එහෙමමයි. මේ රටේ පාලකයෝ සල්ලි හොරා කකා ජනතාවගේ ජීවිත විනාශ කරනවා.

අද මේ රටේ පාසල් යන දරුවන් ලක්ෂ පනහක් ඉන්නවා. ඒ දරුවන් වෙනුවෙන් වෙන් කරන්නේ කෝටි හය හතයි. මේ රටේ පාලකයා වෙනුවෙන් කෝටි අටසියයක් වියදම් කරනවා වර්ෂයකට.

අද ලංකාව ආසියාවේ ආශ්චර්යය එහෙම වෙන්නේ කොහොමද? ආසියාවේ දුප්පත් රටවල් පහෙන් එකක් ලෝකයේ අසමත් රටවල් තිහෙන් එකක් එච්චරයි අපට තියෙන ජයග‍්‍රහණය.

මත්තල ගුවන් තොටුපොළක් හදලා තියෙනවා. ඒකට එන්නේ කපුටෝ මයිනෝ මොණරු විතරයි. කටුනායක ගුවන් තොටුපොළ අකාර්යක්ෂම ගුවන් තොටුපොළ කියලා තේරිලා. අපට තියෙන එකම ජාත්‍යන්තර ගුවන් තොටුපොළ අද රට විනාශයට පත් කරලා’

(ලංකා සි නිව්ස්)

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us