පසුගිය වසරේ මේ ආකාරයෙන්ම පැවති නාට්‍යයේදී සනත් ජයසුරිය ඇතුළු බලධාරීන් කිහිප දෙනෙකුගේ ක්‍රියා කලාපයන් එම නාට්‍යයෙන් හාස්‍යයට ලක්කර තිබුණි.
එම නිසා මෙවරද එම අංගය පිළිබඳව බලධාරීන් සොයාබැලීමෙන් පසු එම ජවනිකාව හදිසියේ ඉවත් කර තිබේ.
මෙවර එම නාට්‍යයට පාදක වී තිබී ඇත්තේ පුහුණුකරුවෙකු සමඟ අනිය සබඳතාවයක් ගොඩනඟා ගන්නා විවාහක කාන්තාවක් ඒ ඔස්සේ සිය පුතා ක්‍රිකට් කණ්ඩායමට ඇතුලත් කිරීමට ගන්නා උත්සාහයකි.
මෙදා එම නාට්‍යමය ජවනිකාව ඇතුලත් කළේ නම් පසුගිය වසරේ මෙන් නොසන්සුන් තත්ත්වයක් ඇතිවීමට ඉඩ තිබූ බව පැවසේ.