රූපලාවන්‍යාගාර රැසක් වැසේ !

Published in පුවත්
Wednesday, 03 September 2014 09:39

දිවයින පුරා රූපලාවන්‍යාගාර බොහෝමයක් මේ වන විට දින නියමයක් නොමැතිව වසා දමා ඇතැයි ජාතික ඖෂධ අධිකාරිය සඳහන් කරයි. 

 රූලාවන්‍යාගාර පිළිබඳව පැමිණිලි රැසක් මේ වන විට ජාතික ඖෂධ අධිකාරියට  ලැබෙමින් පවතින බවද අධිකාරියේ ප්‍රකාශකයෙක් පැවැසීය.

රූපලාවන්‍යාගාර 25000කට අධික සංඛ්‍යාවක් දිවයින පුරා පිහිටා ඇති බවත් ඒවායින් බොහෝමයක් නිසි ප්‍රමිතියෙන් යුක්ත නොවන බව පැමිණිලි වල  සඳහන් ව ඇතැයි හෙතෙම පැවැසීය. 

මෙම රූපලාවන්‍යාගාරවල භාවිත කරන උපකරණ නිසි ප්‍රමිතියෙන් යුක්ත නොවන බව හා එහි සේවය කරන පුද්ගලයින්ට අදාළ විෂය ක්ෂේත්‍රය පිළිබඳව මනා දැනුමක් නොමැති බවද මෙතෙක් කරන ලද පරීක්ෂණවලින් හෙළිව ඇත.

කෙසේ  නමුත් රූපලාවන්‍යාගාර සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලිවලට අනුව පරීක්ෂා කිරීම් ආරම්භ කරන බවද එහිදී වරදකරුවන්ට එරෙහිව නීතිමය ක්‍රියා මාර්ග ගැනීමට ජාතික ඖෂධ අධිකාරියේ අධ්‍යක්ෂ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතාගේ උපදෙස් පරිදි ක්‍රියා කරන බවද එම ප්‍රකාශකයා සඳහන් කළේය.

(ලක්බිම)

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us