එජාපයේ ද්‍රෝහියෝ කව්දැයි හිමිවරු විමසති

Published in පුවත්
Wednesday, 03 September 2014 09:20

පක්ෂයේ තනතුරු නාඩගම නිසා ආණ්ඩුවේ ආයුෂ වැඩිවන බවත්, එය නොතේරෙන කවරෙකු වුවද ද්‍රෝහියකු බවත්   මහා සංඝයා වහන්සේලා එක්සත් ජාතික පක්ෂ නායකයින් වෙත  අවධාරණය කර සිටිති.

මෙම  තනතුරු නාඩගම වහාම නවත්වන ලෙසත් තනතුරු කිසිවක් තර්ජනයෙන් හෝ බලහත්කාරයෙන් ලබාගත නොහැකි බව තරයේ සිහිතබා ගත යුතු බවත් මහා සංඝරත්නය එක්සත් ජාතික පක්ෂ නායකයන්ගෙන් ලිඛිතව ඉල්ලා තිබේ. 

මේ නාඩගම නිසා රජයේ ආයුෂ වැඩිවන බව නොතේරෙන යමෙක් වේ නම් ඔහු ද්‍රෝහියෙක් බවත් සංඝයා වහන්සේලා පවසති. 

සමහර මාධ්‍ය හැසිරෙන්නේ කාගේ වුවමනාවටදැයි දැයි තේරෙන බවත්, ඔවුන්ගේ ද්‍රෝහී ප්‍රචාරයන් නැවැත්වීමට දැන්වත් ක්‍රියා නොකළහොත් අනාගතයේ මහා විනාශයක් සිදුවන බවත් සංඝයා වහන්සේලා අවධාරණය කර තිබේ.

එජාපයේ ගැටුම් නිරාකරණයට මැදිහත් වූ නායක සංඝයා වහන්සේලා කිහිප නමක්  ඊයේ  එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා හමුවී මේ බව සඳහන් කර තිබේ. මෙම අවස්ථාවට එජාප මහ ලේකම් තිස්ස අත්තනායක මහතා ද සහභාගිවී තිබේ.

පූජ්‍ය ගිරාඹේ ආනන්ද අනු නායක හිමිපාණන් වහන්සේ, පූජ්‍ය බෝපිටියේ ධම්මිස්සර හිමිපාණන් වහන්සේ, පූජ්‍ය කරකොලයේ පියදස්සී හිමිපාණන් වහන්සේ, පූජ්‍ය අත්තංගාරේ ශාසනරතන හිමිපාණන් වහන්සේ, පූජ්‍ය වල්පොල සුමංගල හිමිපාණන් වහන්සේ, පූජ්‍ය තීනියාවල පාලිත හිමිපාණන් වහන්සේ ඇතුළු සංඝ්‍යා වහන්සේලා 8 නමක් විසින් අත්සන් කල ලිඛිත දැනුම්දීමක්ද එම අවස්ථාවේදී උන්වහන්සේලා විසින් එජාප නායකයාට බාරදී තිබේ.

එම පෙත්සම  සම්පූර්ණයෙන් පහත පළවේ. 



ජාතික නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමා, නායකත්ව මණ්ඩල සභාපති කරු ජයසුරිය මැතිතුමා, පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මැතිතුමා ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ සියළු මන්ත්‍රීවරුන්, කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සියළු සාමාජිකයන් වෙත,

යලි එක්සත් ජාතික පක්ෂයට වෙන්නේ කුමක්ද?

එක්සත් ජාතික පක්ෂයේ මත ගැටුමක් නිර්මාණය වී තිඛෙන බව පෙනේ. ඒ තත්ත්වය ගැන විවිධ මාධ්‍ය මගින් කෙරෙන ප්‍රචාරයන් පිලිබඳව අපගේ අවධානය යොමු වී තිබේ. පක්ෂය තුල තිබූ දරුණු ඛෙදීම වළක්වා සමගි කිරීමට අප ඉදිරිපත් වූයෙමු. ඒ සඳහා නායකත්ව මණ්ඩලයක් ඇති කෙළෙමු. කවුරු කෙසේ කීවත් එම බලවේගය තුල සාර්ථකත්වයක් ඇති විය. අනෙක් කාරණය දැන් කුමන මත දැරුවත් නායකත්ව මණ්ඩල ක්‍රමවේදයට සියළු දෙනාම අත් ඔසවා නිල ප්‍රතිචාරය දක්වමින් අනුමැතිය ලබා දුන් බව පසුගිය පක්ෂ සම්මේලනයේදී අපි දුුටුවෙමු. එය විවේචනය කරන නායකයින් ප්‍රසිද්ධ රැස්වීම් වලදී එම ක්‍රම වේදය අගය කරමින් කතා කළ අවස්ථා තිබේ.

දැන් වී ඇත්තේ කුමක්ද ? විවිධ මාධ්‍ය හා පුද්ගලයින් මේ සම්බන්ධව හැසිරෙන්නේ කාගේ වුවමනාවන් සපුරාලන්නට ද? මෙය උභතෝකෝටික ප්‍රශ්ණයකි. ඉතාමත් තීරණාත්මක තත්ත්වයක තිබූ ඌව මැතිවරණය ජයග්‍රහණය කිරීමට තිබූ හැකියාව මේ නිසා ආපස්සට ගමන් කිරීම වැළැක්විය නොහැක. පක්ෂය තුල බලය වෙනුවෙන් කරන මේ නින්දිත ක්‍රියා කලාපය වහාම අත්හිටුවීමට ක්‍රියා කරන ලෙස සියළුම වගකිව යුත්තන්ගෙන් කාරුණිකව ඉල්ලමු. මෙය ඉදිරි මැතිවරණ වලට කරන බලවත් ද්‍රෝහි කමකි.

දහසක් ප්‍රශ්න මැද ජීවත්වන ශ්‍රී ලාංකික ජනතාව එක්සත් ජාතික පක්ෂ රජයක් ඇති කිරීමට මහත් බලාපොරොත්තුවෙන් සිටිති. යථාර්තය එයයි. මේ සියළුම විගඩම් වලින් සිදුවනුයේ තවත් වාරයක් මෙම රජයේ පැවැත්මට ආයුෂ ලබා දීමයි. එය නොතේරෙන යමෙක් ඇත්ද? ඔහු පක්ෂයට වින කරන ද්‍රෝහියෙක් හැටියට අනාගතයේදී ප්‍රකාශ කිරීමට සිදුවනු ඇත. ප්‍රශ්න ඇත්නම් ඒවා සමගිව සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගත යුතුය. ඉදිරියේදී ජාතික මැතිවරණ දෙකකට පක්ෂය මුහුණ දීමට සිදුවන මොහොතේ මේ විකාර නාඩගම වහාම නවත්වන ලෙස ජාතියේ නාමයෙන් ඉල්ලා සිටිමු.


සියළු ප්‍රශ්න වලට හේතුව :

ජයග්‍රහනය ලැබීමට ප්‍රධාන නායකයන් එක වේදිකාවට පැමිණ මුළු රටටම ආදර්ශයක් දිය යුතුය. එය වහාම කළ යුතුය. අපට පෙනෙන හැටියට සියළු ප්‍රශ්න වලට හේතුව තනතුරු පිලිබඳ ප්‍රශ්නයක් බව පෙනේ. තනතුරු කිසිවක් තර්ජනය කිරීමෙන් හෝ බලහත්කාරයෙන් හෝ ලබා ගත නොහැකි බව සියළුම පක්ෂ නායකයන් තරයේ සිහි තබා ගත යුතුය. ඒ සියල්ලක්ම තමාගේ හැකියාව කැපවීම මත ලැඛෙන ධනයක් බව ද සිහි තබා ගත යුතුය. එය මනාව අවබෝධ වන්නේ නම් කිසි ප්‍රශ්නයක් ගැටුමක් ඇති වන්නේ නැත. එම සනාතන ධර්මයට විරුද්ධ වීමට කිසිවෙකුට නොහැකිය.

තවද එක් කරුණක් ප්‍රකාශ කළ යුතුය. මේ දිනවල සමහර විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය මගින් ගරුතර මහා සංඝයා වහන්සේටත් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයන්ටත් අපහාසාත්මකව විවේචනය කරන බව පෙනේ. මෙම ක්‍රියා දාමය පක්ෂයේ යම් යම් පුද්ගලයන්ගේ අදහස් උදහස් ලෙස ගෙන එමින් තිබේ. මේ සිදුවීමෙන් දිනෙන් දිනම පක්ෂය ජනතාව අතර පිලිකුලට ලක්වේ. සියළු දෙනාම එකතු වී කලෙක සිට කෙරෙන මෙම ප්‍රචාරයන් නැවැත්වීමට දැන්වත් කටයුතු නොකළහොත් අනාගතයේ සිදුවන්නේ මහා විනාශයක් බව සැලකුව මැනවි. පක්ෂයේ සමගිය වෙනුවෙන් එදා මෙන්ම අදත් අප සංඝ බලවේගය ජාතික වශයෙන් නිරන්තරයෙන් සූදානම් බව දන්වනු කැමැත්තෙමු.

නිහතමානී වන්න. අවේගශීලී අදහස් ඉවත් කරන්න. ඇතුලත ගිනි පිටට නොදෙන්න. එයයි අපේ ඉල්ලීම. සියළු දෙනාටම සම්මා දිට්ඨිය පහල වේවා..æ

තෙරුවන් සරණයි,

මෙයට පක්ෂයට නිරන්තරයෙන් අනුශාසනා කරන මහා සංඝ්‍යා වහන්සේලා

පූජ්‍ය ගිරාඹේ ආනන්ද අනු නායක හිමිපාණන් වහන්සේ
පූජ්‍ය බෝපිටියේ ධම්මිස්සර හිමිපාණන් වහන්සේ
පූජ්‍ය කරකොලයේ පියදස්සී හිමිපාණන් වහන්සේ
පූජ්‍ය අත්තංගාරේ ශාසනරතන හිමිපාණන් වහන්සේ
පූජ්‍ය වල්පොල සුමංගල හිමිපාණන් වහන්සේ
පූජ්‍ය තීනියාවල පාලිත හිමිපාණන් වහන්සේ

Leave a comment

 

ld add copy

Gossip

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

 සජිත් ඇමැති මණ්ඩලය පත් කරන්නේ පොරොන්දම් බලලලු

 සජිත් ඇමැති මණ්ඩලය පත් කරන්නේ පොරොන්දම් බලලලු

සජිත් ප්‍රේමදාස එළැඹෙන ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කර ඔහු පිහි‍ටුවන ආණ්ඩුවේ අගමැතිවරයා සහ ඇමැති මණ්ඩලය...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

ක්‍රීඩා

Connet With Us