අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක පහකට නායයාමේ අනතුරු ඇඟවීම්

Published in පුවත්
Monday, 13 May 2024 12:52

දිස්ත්‍රික්ක  පහක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 13 කට නාය යාමේ අනතුරු ඇඟවීම ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර තිබේ.

දිවයිනේ  ඇතැම් ප්‍රදේශවලට ඇද හැළෙන අධික වර්ෂාව හේතුවෙන් මෙම නාය යෑමේ අනතුරු ඇගවීම් නිකුත් කොට තිබේ.

බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල සහ හපුතලේ, මහනුවර දිස්ත්‍රික්කයේ යටිනුවර සහ උඩුනුවර, කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල, දෙහිඕවිට, ගලිගමුව, වරකාපොළ සහ කෑගල්ල , කුරුණෑගල දිස්ත්‍රික්කයේ මාවතගම, සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ඉඹුල්පේ, රත්නපුර සහ බලංගොඩ යන ප්‍රා දේශිය ලේකම් කොට්ඨාස සඳහා පළමු මට්ටමේ මෙම නාය යාමේ අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර තිබේ.

අද(13) පස්වරු 3.00 දක්වා බලපැවැත්වෙන බවත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය කියයි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us