නියෝජ්‍ය නායකකම නිසා එජාපයේ ගැටුම්

Published in පුවත්
Friday, 29 August 2014 20:16
එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් සජිත් ප්‍රේමදාස මහතාට නියෝජ්‍ය නායක තනතුර පිරිනමන්නට සුදානම් වීම විසින් එජාපයේ පුද්ගලයන් අතර ගැටුමක් නිර්මාණය කර ඇතැයි වාර්තා වේ. 
මේ පිළිබඳව එජාප මන්ත්‍රී රවී කරුණානායක මන්ත්‍රීවරයාගෙන් කළ විමසීමේ දී ඒ මහතා ප්‍රකාශ කළේ,  සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයාට නියෝජ්‍ය නායක තනතුර පිරිනමන්නට යනවායැයි පළවන මාධ්‍ය වාර්තා අසත්‍ය බවය. නියෝජ්‍ය නායක තනතුර අදාළ මන්ත්‍රීවරයාට දෙන බව ඒ මන්ත්‍රීවරයා විසින්ම සහ ආණ්ඩුව විසින් සැලසුම්සහගතව පතුරුවන බොරුවක් බවද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය. 
 
අදාළ මාධ්‍යවාර්තා සහ ප්‍රකාශවල අරමුණ එජාප සමගිය නැවත බිඳවීම බව අවධාරණය කළ ඒ මහතා ඒනිසා මෙය ආණ්ඩුවේ කොන්ත්‍රාත්තුවක් බවද ප්‍රකාශ කළේය.
 
මේ පිළිබඳව ප්‍රකාශයක් කළ තවත් තරුණ එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයාට නියෝජ්‍ය නායකකම පිරිනැමීම සඳහා සාකච්ඡාවක් පක්ෂ අභ්‍යන්තරයේ ආරම්භ වී ඇතැයි ප්‍රකාශ කළේය. මෙම සාකච්ඡාව නායකතුමාගේම අදහසට අනුව ඇරඹූවක් බව ප්‍රකාශ කරන ඒ මහතා පසුගිය බ්‍රහස්පතින්දා (අගෝස්තු 21) සජිත් ප්‍රේමදාස මහතා සහ එජාප නායකයා අතර මේ පිළිබඳ සාකච්ඡාවක් පැවැති බව ද තහවුරු කළේය.
 
  පැවැති ඉහත සාකච්ඡාව පිළිබඳව කරුණු දක්වන රවී කරුණානායක මහතා අදාළ සාකච්ඡාව තුළ තනතුරු පිළිබඳව කිසිවක් සාකච්ඡා නොවූ බව අවධාරණය කළේය. ඔහු තවදුරටත් ප්‍රකාශ කළේ තමා සමග පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් කිහිපදෙනෙකු ද මෙම සාකච්ඡාවට සහභාගි වූ බව ය.
 
(රාවය)

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us