ඇත්ත අභියෝගය වසන්කර අයිස් වතුර නෑම නිවටකමක්

Published in පුවත්
Friday, 29 August 2014 16:28

මේ දිනවල යම් ස්නායුක රෝග තත්ත්වයක් පිළිබඳ කෙරෙන පර්යේෂණ සඳහා අරමුදල් රැස්කිරීමේ දාම ක්‍රියාවලියක් ලොව පුරා ක්‍රියාත්මක වෙමින් පවති. විශේෂයෙන්ම , ෆේස්බුක් , යූටියුබ් , ට්වීටර් , ඉන්ටග්‍රෑම් වැනි සමාජ ජාලවල, රැල්ලක් ලෙසින් "අයිස් බකට්" අභීයෝගය ගැන විවිධ රටවල කතා බහක් හා ක්‍රියකාරකම් ඇතිවෙමින් තිබේ.

අනෙකා කෙරෙහි පරිත්‍යාගය, අනුකම්පාව යනාදී පරාර්ථකාමී මානූෂීය ධර්මතා නුහුරු බටහිරට, මෙවන් ක්‍රමවලින් පරිත්‍යාග රැස්කිරීමේ ක්‍රියාකාරකම් නුපුරුදු දෙයක් නොවුනද අනෙකෙකුට උදව් කිරීම ශ්‍රීලංකාවේ කවර ජාතිකත්වයක වුව ජනතාවට හුරුපුරුදු දෙයකි. එමෙන්ම අනෙකෙකුට උදව් කිරීම අප රටේ අභියෝගයක් වන්නේ නැත. ඒ අපේ සමාජ පුරුද්දකි.

එබැවින් බටහිරෙන් අපට ලැබුණු ප්‍රජාතන්ත්‍රවාදය, ජනතා පරමාධිපත්‍ය යන සංකල්ප පවා අද දවසේදීත් විකාරයක්ව පැවැතීම අනුව මෙවැනි නව ක්‍රියාකාරකම් අප රටේදී විකාරයක් වීම ගැන පුදුම වියයුතු නැත.

එහෙත් ප්‍රශ්නය නම්, කිසිදු සමාජ වගකීමක් නැති, බැබලෙන තරුවලට මේ නා ගැනීම ලොකු වැඩක් වූවද රටත් රටේ පුරවැසියා සම්බන්ධයෙන් දේශපාලන තීන්දු තීරණ ගතයුතු වගකිවයුතු ජනතා නියෝජිතයෝ ද මේ විකාරය වැළඳ ගැනීමය. එමෙන්ම වගකිවයුතු මාධ්‍ය මේ විකාරය සිය වෙළඳ අරමුණු උදෙසා අළෙවි කිරීමය. ඒ බරපතල වරදක් වන්නේ, මේ රටේ පවතින දහසකුත් ප්‍රශ්න සඳහා විසඳුම්, පවතින රාජ්‍ය යන්ත්‍රණයෙන් නොලැබී අසරණව වෙසෙන ලක්ෂ සංඛ්‍යාත පුරවැසියන් වෙනුවෙන් නොලැබෙන වට පිටාවක මේ සිදුවීමය.

අයිස් බකට් සංකල්පය නිර්මාණය වූයේ බටහිර සමාජයේ සමාජ සම්බන්ධතාවල පවතින දුර්වලතා හඳුනාගෙන ඊට පිළියමක් ලෙසය. ඒ ප්‍රශ්නය අධි සංවර්ධිත එම රටවලට සිටින ඔවුන්ට බේරා ගැනීමේ හැකියාව උවමනාවටත් වඩා තිබේ. අප ඊට මැදිහත් වීමේ අවශ්‍යතාවයක් නොමැත. අනෙක් කරුණ අපට මෙහෙ විසඳාගන්නට ඕණෑ තරම් ප්‍රශ්න තිබියදී ශ්‍රී ලංකාවේ මුදල් රටපටවන්නේ කවර සාධාරණ හේතුවකට ද යන්නය.

අද රට වෙලාගත් බරපතල ප්‍රශ්නයක්ව ඇත්තේ වකුගඩු රෝගයයි. මෙය බලධාරීන් බරපතල තත්වයකලා නොසලකන මුත් අද මේ රජරටින් දකුණු පළාත් දක්වා පැතිරෙමින් තිබේ. මේ වන විට මැතිවරණයක් කැඳවා තිබෙන ඌව පළාත තුල මේ දරුණු තත්වයක්ව වර්ධනය වී තිබේ. නමුත් කිසිවකුත් මේ ගැන කතා නොකරන්නේ මේ අයිස් බකට් නෑම තරම් පහසු කරුණක් නොවන නිසා විය හැකිය. එමෙන්ම පසුගිය කාලයේ වියලි කලාපය තුල වූ නියඟයට මේ අයිස් බකට් නෑවෝ වතුර බෝතලයක්වත් ගෙනයාමට උත්සුක වූයේ නැත.


උතුරේ යුද්ධය හේතුවෙන් වැන්දඹුහාවයට පත් වී දුවාදරුවන් පෝෂණය කරගත නොහැකිව අන්ත අසරණව සිටින ලක්ෂයකට ආසන්න කාන්තාවන් වෙනුවෙන් කැඳ කෝප්පයක්වත් පිස ගැනීමට එක් හාල් මිටක ලබාදීමට මේ අයිස් බකට් නෑවෝ හිතුවේවත් නැත.

එමෙන්ම අයිස් වතුර නෑම බටහිර සීත රටවල ජීවත්වන මිනිසුන්ට අභියෝගයක් විය හැකි නමුත් ඒ මේ ග්‍රීස්ම ලංකාවට අභියෝගයක් වන්නේ නැත. ඒ තබා

අප හොඳින්ම දන්නා පරිදි ශ්‍රී ලංකාවේ සීතල කඳුකරයේ අසරණ බහුතර ජනතාවටවත් මේ අභියෝගයක් වන්නේ නැත. මන්ද ඔවුන් හැමදාම නාන්නේ මේ අයිස් මෙන් සීතල වතුරයි. ඔවුන්ට උණුසුම් වතුර පොදක් නා ගැනීමේ හැකියාව ඇත්තේ නැත. ඇත්ත එයය. ශ්‍රී ලංකාවට වැඩිම විදේශ විනිමය ප්‍රමාණයක් උපයා දෙන මේ කඳුකරයේ වතු කම්කරුවන්ගේ දරිද්‍ර ජීවිත ,මෙරට වගකිව යුතු බලධාරීන්ට අයිස් බකට් වෙනුවෙන් ලබාදෙන ඩොලර් කිහිපය තරම් වත් වටිනාකමකින් යුතුවූයේ නැත.

ආණ්ඩු විසින් නොසලකා හැරි මේ රටේ අන්ත අසරණවූ මිනිසුන් නඟා සි‍ටුවීමට යම් ආධාරයක් උපකාරයක් ලැබුණේ විදේශ ආධාර හෝ යම් රාජ්‍ය නොවන සංවිධානයකිනි. එහෙත් අද මේ රටට අයිස් බකට්වලින් හෝ වේවා නිකම්ම බකට්වලින් හෝ වේවා ජාත්‍යන්තර මානුෂික ආධාර නොලැබෙන තත්වයක් කරා වර්ධනය වී ඇත්තේ එම ආධාරත් සොරා කෑමට ඇතැම් බලධාරීන් යොමුවීමේ ප්‍රතිඵලයක් ලෙසය. ව්‍යාජ සංවිධාන ව්‍යාජ අරමුදල් තනාගෙන සුනාමි ආධාර පවා කොල්ල කෑ බව ලෝකයාම දන්නා ඇත්තකි.

මේ තත්වය නිසා කබලෙන් ලිපට වැ‍ටුනේ මෙරට අසරණ ජනතාවමය. අපේ උදව්ව උපකාරය ලබාදිය යුත්තේ ඔවුන්ටය. ඇතිහැකි අයගේ උපකාරය උදව්ව වඩාත්ම බලාපොරොත්තුව සිටින්නේ මේ රටේ පුරවැසියන්ව පීඩාවට පත්ව සිටින ඔවුන්ය.

මේ නිසා එක්සත් කාන්තා පෙරමුණ ලෙස අප යෝජනා කරන්නේ මේ අයිස් බකට් අභියෝගය වෙනුවට රටේ ඇත්ත අභියෝගයට මුහුණ දෙමු යන්නය. ඒ වසන් කරමින් අයිස් වතුර නෑම මනුෂ්‍යත්වයට නිඟා දෙන නිවටකමක් විනා වෙන යමක් නොවේ.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us