දිවයින පුරා සිදුකළ මෙහෙයුම් වලදී මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 924 ක් සහ අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 93 ක් සමගින් මුළු සැකකරුවන් 1017 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
හෙරොයින් 395 g 306 mg
අයිස් 184g 667mg
ගංජා 20Kg 29g
මාවා 1 kg 219 g
තූල් 25 g 500 mg
මදන මෝදක 51 kg 164 g
ඇෂ් 2g 281mg
මත්පෙති 144
මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ අත්අඩංගුවට ගත් සැකකරුවන් 924 දෙනා අතරින් සැකකරුවන් 99 කට රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරන අතර සැකකරුවන් 04 දෙනෙකුගේ වත්කම් විමර්ශනය ආරම්භ කර ඇති අරත මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවුවන් 21 ක් පුනරුත්තාපනය සදහා යොමු කර ඇත.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ පොලිස් විශේෂ කාර්යංශයේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 51 ක් අත්අඩංගුවට ගෙන ඇත
එසේම, අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ අත්අඩංගුවට ගත් සැකකරුවන් 93 දෙනා අතරින් මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධව විවෘත වරෙන්තු නිකුත්ව සිටි සැකකරුවන් 11 ක්, මත්ද්‍රව්‍ය නොවන වැරදි සම්බන්ධව විවෘත වරෙන්තුකරුවන් 76 ක්, ඇගිලි සටහන් ඔස්සේ අත්අඩංගුවට ගැනීම් 05 ක් සහ අපරාධ වලට අවශ්‍ය කරන සැකකරුවන් 01 ක් සිටි.