අන්තර්ජාලය හරහා සිදුවන අපරාධ ඉහළ යයි ! ඔන්මැක්ස් සභාපතිටත් රතු වරෙන්තු

Published in පුවත්
Wednesday, 13 March 2024 10:34

අන්තර්ජාලය ඔස්සේ සිදුවන අපරාධවල වර්ධනයක් සීග්‍රයෙන් සිදුවන බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය විසින් සදහන් කරයි.

ඒ අනුව පරිගණක වංචා 423 වාර්තා වී ඇති බව එහි ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු චරුක දමුණුකොල  සඳහන් කළේය.

අන්තර්ජාලය ඔස්සේ සිදුවන පරිගණක අපරාධ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දක්වන තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු චරුක දමුණුකොල මෙලෙස ප්‍රකාශ කර තිබේ.

"අන්තර්ජාලය ඔස්සේ ඔන්ලයින් රැකියා ලබාදෙන මුවාවෙන් සිදුවන වංචා, ඒ එක්කම ක්‍රිප්ටො-කරන්සි හරහා සිදුවුණ වංචා, පිරමීඩ වංචා ගොඩක් වෙලාවට පසුගිය වර්ෂයේ සිට මේ වර්ෂයේ ගෙවී ගිය මාස දෙක තුළ වැඩිවීමක් තියෙනවා. 2023 අන්තර්ජාල වංචා 1,609ක් අපිට වාර්තා වෙලා තියෙනවා. මේ වර්ෂය තුළ ජනවාරි මාසයේ එවැනි වංචා 110ක් වාර්තා වෙලා තියෙනවා. පෙබරවාරි මාසයේ අන්තර්ජාල වංචා 213ක් සහ මාර්තු මාසයේ මේ දක්වා 100ක් වර්තා වෙලා තියෙනවා. සමහර පැමිණිවල මුදල් වංචා වාර්තා වුණාම ඔවුන්ට අවශ්‍ය තාක්ෂණික සහයෝගය ලබාදීලා අපි පරිගණක අපරාධ කොට්ඨාසය වෙත යොමුකරලා තියෙනවා."

"අන්තර්ජාලය ඔස්සේ, තමන්ගේ නිරුවත් ඡායාරූප මුදාහරින බවට තර්ජනය කරමින් සිදුවුණ සිදුවීම් වාර්තා වෙනවා. 775ක් 2023 වසරේ දී එවැනි සිදුවීම් වාර්තා වෙලා තියෙනවා. ඒ එක්කම අන්තර්ජාලය වංචා සිදුවීම් 1609ක් වාර්තා වෙලා තියෙනවා. සමාජ මාධ්‍ය ඔස්සේ ව්‍යාජ ගිණුම් සකස් කළ සිදුවීම් වාර්තා වෙනවා 5,188ක්. කුඩා ළමුන් සම්බන්ධ සිදුවීම් 98ක් වාර්තා වෙනවා. ඒ සමගම පුද්ගලයින් විසින් අනවසරයෙන් ගිණුම්වලට ඇතුළු වුණ අවස්ථා 7,499ක් වාර්තා වුණා. ප්‍රතිශතයක් ලෙස අනවසර ප්‍රවේශයේ සහ ව්‍යාජ ගිණුම්වල වැඩිවීමක් දක්නට ලැබෙනවා."

යනුවෙනි.

එමෙන්ම " ඔන්මැක්ස් ඩී.ටී." නමැති නීතිවිරෝධී පෞද්ගලික මුල්‍ය ආයතනයේ සභාපතිවරයාගේ අන්තර්ජාල ගිණුම්වල   රුපියල් කෝටි 1645 කට අධික මුදලක් ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු දක්වමින් සඳහන් කළේය.

ජාත්‍යන්තර මුල්‍ය වෙළඳපළේ ක්‍රිප්ටො කරන්සි හා බයිනෑන්ස් මුල්‍ය වේදිකා හරහා මෙම අන්තර්ජාල ගිණුම් පවත්වාගෙන ගොස් ඇති සැකකාර සභාපතිවරයා යු එස් ඩි පි මිලියන 4.7 මුදලක් මෙසේ ආයෝජනය කර ඇති  බව ද වාර්තා වෙයි.

ඒ අතර " ඔන්මැක්ස්  මූල්‍ය සමාගමේ සැකකාර අධ්‍යක්ෂක වරයෙකු   කරන්සි ගිණුම් 400ක් හරහා මුදල් තැන්පත් කර ඇති බවත්,ගිණුම් හතරකින් සෘජුවම මුදල් සභාපතිවරයාට බැර වී ඇති බවත් කරුණු ඉදිරිපත් කෙරිණි.

සැකකාර අධ්‍යක්ෂක විසින් සෘජුවම තැන්පත් කර ඇති මුදල රුපියල් කෝටි 385ක් වන බවද කරුණු ඉදිරිපත් කෙරිණි.

මීට අමතරව ජෝර්ජියානු ජාතිකයෙකුගේ ගිණුමකට රුපියල් කෝටි 490කට අධික මුදලක් බැර වී ඇති බවද කරුණු ඉදිරිපත් කළේය. 

මෙම සභාපතිවරයා හා විදේශිකයා  ජාත්‍යන්තර පොලිසිය හරහා අත්ඩංගුවට ගැනීමට ඉංග්‍රීසි භාෂාවෙන් රතු  වරෙන්තුවක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් නිකුත් කළේය .

 ඔන් මැක්ස් සභාපතිවරයා ලෙස කටයුතු කළ මදුරංග ප්‍රසන්න සමරකෝන් හෙවත් සෑම් බස්නායක නමැති සැකකරු  පොලිසිය මඟ හරිමින් ඕස්ට්‍රේලියාවට පෙන ගොස් ඇති බවට  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ කරුණු දැක්වීම සලකා බැලීමෙන් පසුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙම වරෙන්තුව නිකුත් කළේය .

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us