හර්ෂ, ජනපතිගෙන් ඉල්ලූ IMF සාකච්ඡාව විපක්ෂය මඟ හරියි Featured

Published in පුවත්
Sunday, 10 March 2024 11:54

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් කැඳවා තිබූ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (IMF) නියෝජිතයින් සමඟ වන සාකච්ඡාවට විපක්ෂයේ පක්ෂ නායකයන්ට කළ ආරාධනය අනුව සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය සහභාගී නොවීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

ජනාධිපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට ආරාධනා කිරීමේ මුලපිරීම ආරම්භ වූයේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා විසින් පාර්ලිමේන්තුවේදී මෑතකදී කරන ලද ඉල්ලීමකට අනුව බවය.

මේ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන මගින් එල්ල කර ඇති අභියෝග ජය ගැනීමේදී රජය සමඟ සහයෝගයෙන් කටයුතු කරන ලෙස සියලුම පිළිගත් විරුද්ධ පක්ෂවලට උණුසුම් ආරාධනයක් කිරීමට ජනාධිපතිවරයා පෙළඹිනි.

ඒ අනුව ගෝලීය ණය දෙන්නාගේ යෝජනා පිළිබඳව සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබා දීම සඳහා සඳුදා (මාර්තු 11) IMF නියෝජිත කණ්ඩායම සමඟ සාකච්ඡාවක් සඳහා ජනාධිපති වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ විපක්ෂය නියෝජනය කරන පක්ෂ නායකයින්ට ආරාධනාවක් කර තිබුණි.

මෙම සාකච්ඡා සඳහා සහභාගී වන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ජාතික ජන බලවේගයේ (NPP) නායක අනුර කුමාර දිසානායක සහ දෙමළ ජාතික සන්ධානයේ (TNA) නායක එස් ශ්‍රීධරන් යන මහත්වරුන්ට ආරාධනා කළ බව ජනාධිපති මාධ්‍ය අංශය මීට පෙර ප්‍රකාශ කළේය.

මීට අමතරව, ආරාධිත නායකයින් සමඟ එක්වන ලෙස උනන්දුවක් දක්වන පුද්ගලයින්ට විවෘත ආරාධනයක් කරන ලදී.

කෙසේ නමුත් පක්ෂ දෙකම අවධාරණය කර ඇත්තේ ඔවුන්ට අවශ්‍යනම් එම නියෝජිතයන් වෙනම හමුවිය හැකි බවය.

රජයේ වැඩපිළිවෙළට සහය ලබා ගැනීම සඳහා ජනාධිපතිවරයා කැඳවන කිසිදු සාකච්ඡාවකට සහභාගී වීමට අපේක්ෂා නොකරන බවත් පවසයි.

දෙමළ ජාතික සන්ධානයේ නායක ශ්‍රීධරන් පවසා ඇත්තේ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් තමාට ආරාධනා කළ බවත්, ඊට පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක ආර්. සම්බන්ධන් සම්බන්ධ කර ගන්නා ලෙස තමන් ඔවුන්ට දැනුම් දුන් බවත්ය.

මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසන්නේ මෙම හමුව දේශපාලන පක්ෂ නායකයින්ට තම යෝජනා ඉදිරිපත් කිරීමට අවස්ථාවක් බවත්, එයට සහභාගී නොවීම ඔවුන්ට ලැබී ඇති අවස්ථාව අපතේ හැරීමක් බවත්ය.

මීළඟ වාරිකය සඳහා වන ගිවිසුම කඩිනමින් ලබා ගැනීමට නියමිත බවත්, මෙම රැස්වීමේදී සලකා බැලීමට විපක්ෂයේ පක්ෂවලට තම යෝජනා ඉදිරිපත් කළ හැකි බවත් ඔහු පැවසීය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us