බදු නොගෙවු සමාගම් 1000 ක දේපොළ රාජසන්තක කිරීමේ සුදානමක් !  

Published in පුවත්
Sunday, 10 March 2024 12:24

සමාගම් 1,000 කට ආසන්න සංඛ්‍යාවකට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව (IRD) විසින් රුපියල් බිලියන 160 කට වැඩි හිඟ බදු මාස හයක් තුළ ගෙවන ලෙස නොතීසි නිකුත් කර ඇති බව කොමසාරිස් ජනරාල් සේපාලිකා චන්ද්‍රසේකර මහත්මිය පැවසුවාය.

ඇය සන්ඩේ ටයිම්ස් පුවත්පතට පවසා ඇත්තේ, පසුගිය වසර අවසානය දක්වා හිඟ මුදල් ගෙවීමට නියමිතව තිබූ අතර, තව දුරටත් දීර්ඝ කර තිබෙන මාස හයක කාලය තුළ හිඟ මුදල් ගෙවීම කරන ලෙස සමාගම්වලට දැනුම් දී ඇති බවය.

ඒ අනුව සමහර සමාගම් ප්‍රතිචාර දක්වා ඇති අතර ඔවුන්ගේ දේපළ අත්පත් කරගැනීමට එකඟ වී ඇත, තවත් සමාගම් හිඟ ගෙවීම් සිදුකර හෝ සිදුකරමින් ඇත.

මුදල් අමාත්‍යාංශයේ උපදෙස් මත හිඟ මුදල් අයකර ගැනීම සඳහා දැඩි ක්‍රියාමාර්ගයක් අනුගමනය කරන බවත් අයකර ගැනීම සඳහා දේශීය ආදායම් පනත යටතේ උපරිම බලතල පනවන බවත් ඇය පැවසුවාය.

බදු පැහැර හරින අය අතර මත්පැන් සමාගම්, හෝටල් සහ දේපළ වෙළඳාම් සමාගම් වේ. හිඟ බදු අයකර ගැනීම සඳහා නියෝජ්‍ය කොමසාරිස් ජනරාල්වරයෙකු යටතේ 11 දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කර ඇත.

දේශීය ආදායම් සේවා සංගමයේ ලේකම් එච්.ඒ.එල්. උදයසිරි පවසන්නේ ණය පැහැර හැරීම් අතර ලාභ ලබන සමාගම් සිටින බවය.

එසේම ගෙවිය යුතු රුපියල් බිලියන 163ක බදු හිඟ මුදලට අමතරව තවත් රුපියල් බිලියන 740ක බදු මුදල් තිබෙන නමුත් ඒ සම්බන්ධයෙන් නඩු විභාග වෙමින් පවතින බවද ඔහු පැවසීය.

උදයසිරි මහතා පැවසුවේ දේපළ හා බැංකු ගිණුම් අත්පත් කරගැනීම, හිඟ මුදල් අයකර ගැනීමේ කඩිනම් මාර්ගයක් බැවින් නව ක්‍රමයට සංගමය සහාය පළ කරන බවයි.

ආදායම් දෙපාර්ථමේන්තුව වෙත මෙම වසර සඳහා රුපියල් බිලියන 2,024 ක ආදායම් එකතු කිරීමේ ඉලක්කයක් රජය ලබා දී ඇත. පසුගිය වසරේ සියයට 103ක වර්ධනයක් වාර්තා කරමින් රුපියල් බිලියන 1553ක ආදායම් ඉලක්කයක් අත්පත් කරගැනීමට හැකි විය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us