ඌව පළාත් සභා මැතිවරණයේ ආණ්ඩුවේ ජයග්‍රහණය වෙනුවෙන් බදුල්ලේ පැවැත්වූ රැලියකදී ඔහු පාපොච්චාරණයක් කරමින්, ජනතාවට බොරු කියූ බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර සිටියේය.
ශ්‍රිලනිපයේ වේදිකාවක සිටිමින් එජාපය විවේචනය කරන ගමන් රාජපක්ෂ පාලනයේ ඇතුළාන්තයද පැහැදිලි කළ ඔහු, මෙම පක්ෂ දෙකේම නිරුවත ද හෙළිකළේය.
ශ්‍රී ලංකාකාරයෝ ද එදා තමා දුන් බෝලය ගිල්ල බව දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කළේය.
ඌව පළාත් සභා මැතිවරණයේදී ආණ්ඩුවේ ජයග්‍රහණයට අදාළව ජනතාව දැනුවත් කිරීම වෙනුවට මෙම පක්ෂ දෙකේදීම තමන් කළ කී දෑ පිළිබඳව දයාසිරි ජයසේකර මහතා හෙළිකළේය. ඒ අනුව එජාපය සහ සන්ධානය යන පක්ෂ දෙකම ජනතාව රවටන බව ඔහුගේ කතාවලින් තහවුරු විය.