සජිත්, ඌව අතහැර විල්පත්තු විනෝද සවාරියේ

Published in පුවත්
Friday, 29 August 2014 10:29
ඌව පළාත් සභා මැතිවරණය මුළුමනින්ම අත්හැර දමා එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී  සජිත් ප්‍රේමදාස මහතා විල්පත්තුව අභය භූමියේ විනෝදකාමීව නිවාඩු ගනිමින් සිටී.
 පසුගිය 27 වනදා සිට සිය පවුලේ සාමාජිකයන් සමග අද  (29) වනවිට තුන්වන දිනයද ගතකරමින් සිටින බව වාර්තා වේ. 
 
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය  නායකත්ව ලැබෙන තෙක් තමා ඌව මැතිවරණ වේදිකාවට එක්නොවන බව ඔහු පක්ෂ නායකත්වය වෙත දැනුම්දී තිබේ.
 
 මහ ඇමති අපේක්ෂක ලෙස තරඟ කරන හරීන් ප්‍රනාන්දු මහතා නාමයෝජනා භාරදීමට පෙර ප්‍රසිද්ධියේ පක්ෂයට කොන්දේසි පනවමින් කියා සිටියේ නායකත්වයේ සියලු වාදභේද දුරලා රනිල් - සජිත් එක්ව පක්ෂය ජයග්‍රහණය කරවීමට කටයුතු කරන්නේ නම් මහඇමති අපේක්ෂක ලෙස තරඟ කරන බවය.
 
නමුත් මේ වනතුරුත් සජිත් ප්‍රේමදාස හෝ රනිල් වික්‍රමසිංහ හෝ පක්ෂයේ ජයග්‍රහණය කරවීම සඳහා ක්‍රියාකරීව මැදිහත්ව  නැත. 
 
මෙසේ තිබියදී සජිත් ප්‍රේමදාස මහතා විල්පත්තුවට වී විනෝදයෙන් කල් ගත කරයි. 
 
 මැතිවරණය ප්‍රචාරක කටයුතු වලට ඉතිරිව ඇත්තේ  තව ඇත්තේ දින 20ක් වැනි කාලයකි.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us