සුද්දන් දෙදෙනාට පහර දුන් දුම්රිය සේවකයින් දෙදෙනෙක්ගේ සේවය යළි පිහිටුවයි - විමර්ශන තව දුරටත්

Published in පුවත්
Thursday, 07 March 2024 08:35

විදේශීය සංචාරකයින් දෙදෙනෙකුට නාවලපිටිය දුම්රිය ස්ථානයේදී සේවකයින් පිරිසක් පහර දුන් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් කරුණු විමසීමට අද (07) දින දුම්රිය ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකු දුම්රිය සාමාන්‍යාධිකාරි එච්.එම්.කේ බණ්ඩාර හමුවට කැඳවා තිබේ.

දුම්රිය ගමනාගමන අධිකාරි එන්.ජේ. ඉදිපොලගේ පැවසුවේ, විදේශීය සංචාරකයින් දෙදෙනෙකුට නාවලපිටිය දුම්රිය ස්ථානයේදී සේවකයින් පිරිසක් පහර දුන් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් සේවය අත්හිටවූ දුම්රිය සේවකයින් දෙදෙනෙකුගේ සේවය යළි පිහිටුවා ඇති බවයි.

දුම්රිය ස්ථානාධිපතිවරුන් දෙදෙනෙකුගේ හා නියාමකවරයෙකුගේ සේවය එලෙස යළි පිහිටුවා තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මක බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

සිද්ධිය සම්බන්ධයෙන් අතුරු වාර්තාවක් ලැබී ඇති බවත් දුම්රිය ගමනාගමන අධිකාරිවරයා පැවසීය.

කොළඹ සිට බදුල්ල බලා ධාවනය වූ පොඩිමැණිකේ දුම්රියේ ගමන් ගත් එංගලන්ත ජාතිකයින් දෙදෙනෙකු පෙරේදා මෙම සිද්ධියට මුහුණ දුන්නේ ය.සිද්ධියට හේතුවී ඇත්තේ දුම්රියේ දෙවන පන්තියේ ප්‍රවේශපත් රැගෙන මෙම විදේශිකයින් දෙදෙනා පළමු පන්තියේ ගමන් කිරීම මත සිදු වූ බහින්බස්වීම දුරදිග යෑමෙනි .

සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් එක් දුම්රිය සේවකයෙකුගේ සේවය අත්හිටුවා තිබේ.

-P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us