ළමා ලිංගික අපයෝජකයන්ගේ නම් ලැයිස්තුවක් ළගදීම

Published in පුවත්
Thursday, 07 March 2024 08:44

ළමා ලිංගික අපයෝජන චෝදනාවන්ට වරදකරුවන් වූ පුද්ගලයින්ගේ නාමලේඛනයක් සකස් කිරීමට බලාපොරොත්තු වන බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි.

එම අධිකාරියේ සභාපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උදය කුමාර අමරසිංහ පැවසුවේ, අදාළ පුද්ගලයින්ගෙන් ළමුන්ට පවතින අවදානම පිළිබඳව සලකා බලා මෙම පියවර ගෙන ඇති බවය.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් උදය කුමාර අමරසිංහ මේ බව සඳහන් කළේය.

"ළමා අපයෝජන වැරදිවලට විශේෂයෙන්ම ලිංගික අපයෝජන වැරදිවලට වරදකරු වෙලා, දඬුවම් විඳලා නැවත ළමයි ඉන්න පරිශ්‍රයන්ට එන අය සාපේක්ෂව ළමයින්ට අවදානමක් තියෙනවා. ඒ නිසා මේවා සීමා කරන්න ක්‍රමවේදයක් හදන්න ඕනේ. අපි ක්‍රම කිහිපයක් මේ වනවිට යෝජනා කරලා තියෙනවා. ළමා ආරක්ෂක අධිකාරිය සැලසුම් කරගෙන යනවා ළමා අපයෝජන වරදකරුවන්ගේ ලේඛනයක් හදන්න. ඒ අය නිදහස් වුණත් අවශ්‍ය අයට විතරක් ඒ තොරතුරු ගන්න පුළුවන්. දෙවනුව අපි සාකච්ඡා කරගෙන යනවා ලිංගික අපයෝජනයන් තුළ බරපතළ අපයෝජන සිද්ධිවලට වරදකරුවන් වන තැනැත්තන් දඬුවම් කාලය අවසන් කරලා ආවත් ඔවුන් දරුවන් සමග ඍජුවම ගනුදෙනු කරන පරිශ්‍රයන්ට ඇතුළු වීම සීමා කිරීමට හෝ වැළැක්වීමට නීතිමය ප්‍රතිපාදන ගෙන ආ හැකිද යන්න පිළිබඳව."

පසුගිය වසර තුළ ළමුන් සම්බන්ධයෙන් සිදුවු ලිංගික අපයෝජන සිද්ධීන්වල යම් වර්ධනයක් පෙන්නුම් කරන බව ද උදය කුමාර අමරසිංහ එහිදි සඳහන් කළේය.

මේ අතර ලංකාව පුරා 2022 වර්ෂයේ අවුරුදු 18ට අඩු වයසේ පසුවන ගැහැනු දරුවන් දූෂණ සිද්ධීන් 1,618ක් වාර්තා වී ඇති අතර, මෙය 2023 වසර වෙන විට 1,639ක් ලෙස දැක්වේ.

එමෙන්ම ලිංගික අතවර සිදුවීම් 2022 වසරේ දී 1,232ක් වාර්තා වී ඇති අතර, 2023 වසරේ දී එවැනි සිදුවීම් 1,497 දක්වා ඉහළ ඉහළ ගොස් ඇතැයි ද උදය කුමාර අමරසිංහ පැවසීය.

ඊට අමතරව දරුවන්ගෙන් අයුතු ලිංගික ප්‍රයෝජන ගැනීමේ සිද්ධි 2022 වසරේ දී 13කුත් 2023 වසරේ දී 22කුත් වාර්තා වී ඇතැයි ඔහු කියා සිටියේය.

-P.M

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us