රත්රන් වාර්තාගත ලෙස ඉහ‌ළට

Published in පුවත්
Wednesday, 06 March 2024 15:43

ලෝක වෙළෙඳපොළේ රන් මිල මේ වනවිට වාර්තාගත අන්දමේ ඉහළ යාමක් පෙන්නුම් කරයි.

කැරට් 24 රන් අවුන්සයක් සඳහා ඉතිහාසයේ මෙතෙක් සටහන් වූ ඉහළම මිල විදියට අමෙරිකානු ඩොලර් 2,141යි ශත 59ක් ඊයේ (05) වාර්තා වුණි.

පසුව ඒ මිල ඩොලර් 2,130ක් ලෙස සමනය විය.

පසුගිය දින 30ක කාලය සැලකූ විට ඩොලර් 100කට ආසන්න ප්‍රමාණයකින් රන් මිල ඉහළ ගොස් තිබේ.

මාස 06ක කාලය සැලකූ විට රන් අවුන්සයක මිල ඩොලර් 200කට වැඩි ප්‍රමාණයකින් ඉහළ ගොසිනි.

අවුරුද්දක කාලය සැලකූ විට රන් අවුන්සයක මිල ඩොලර් 315කින් පමණ ඉහළ ගොස් තිබේ.

රන් මිල මේ විදිහට කැපී පෙනෙන ලෙස ඉහළ යාමට ගෝලීය භූ දේශපාලනික උණුසුම විශේෂයෙන් බලපා ඇත.

ලොව පුරා මහ බැංකු රන් තොග රැස් කිරීමට පෙළඹෙන්නේ මේ විදියේ අස්ථාවරත්වයක් පවතින විටය.

ඒ වගේම ආසියානු වෙළෙඳපොළවල රන් භාණ්ඩ සඳහා ඉල්ලුම ඉහළ යාමත් රන් මිල ඉහළ යාමට බලපා තිබේ.

රන් මිල මේ ආකාරයෙන් තවදුරටත් ඉහළ මට්ටමක පවත්වා ගැනීමට වැදගත් වන සාධකයක් තමයි අමෙරිකානු මධ්‍යම සංචිතයේ නැත්නම් මහ බැංකුවේ පොලී අනුපාතිකය.

අමෙරිකානු පොලී අනුපාත මේ වසරේදී කපා හැරීමක් අපේක්ෂා කරන නිසා රන් අවුන්සයක මිල ඩොලර් 2,300 දක්වා ඉහළ යනු ඇති බවට විශ්ලේෂකයන් පුරෝකථනය කරයි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us