ජවිපෙට ගහන හේතුව වික්‍රමබාහු කියයි ?

Published in පුවත්
Friday, 29 August 2014 10:03
නව සම සමාජ පක්ෂයේ නායක ආචාර්ය වික‍්‍රමබාහු කරුණාරත්න මහතා කොළඹ ඊයේ  (28) පැවති මාධ්‍ය හමුවකදී,  ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ කාර්යාලවලට එල්ල වන ප‍්‍රහාර සම්බන්ධයෙන් අදහස් දක්වමින්  කියා සිටියේ, ආණ්ඩුවෙන් ගිලිහෙන ඡන්ද ජනතා විමුක්ති පෙරමුණට පළමුවෙන්ම එක්වන බැවින් මෙවැනි ප‍්‍රහාර එල්ල වන බවයි.
 හපුතලේ - හල්දුම්මුල්ල නගරයේදී ඌව පළාත් සභාවට තරඟ වදින සන්ධාන අපේක්ෂකයින් දෙදෙනෙකු සහ ඔවුන්ගේ ආධාරකරුවන් පිරිසක් සිදුකළ පහරදීමකින් ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂකයෙකු සහ ඔහුගේ ආධාරකරුවන් දෙදෙනෙකු තුවාල ලබා ඇතැයි පැෆ්රල් සංවිධානය ප‍්‍රකාශ කරයි.
 
හල්දුම්මුල්ල නගරයේ ස්ථාපිත කර තිබෙන ජනතා විමුක්ති පෙරමුණු පක්ෂ කාර්යාලය ඉදිරිපිට ඊයේ   (28) උදෑසන මැතිවරණ ප‍්‍රචාරක පුවරුවක් සවිකරමින් සිටියදී සන්ධාන ආධාරකරුවන් තමන්ට පහරදුන් බව ඌව පළාත් සභාවට එම පෙරමුණෙන් තරඟ වදින කේ. සෙල්වරාජ් මහතා  කියා සිටියේය.
 
තුවාල ලැබූවන් දියතලාව රෝහලේ මේ වනවිට ප‍්‍රතිකාර ලබන අතර, සිද්ධිය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ හපුතලේ පොලිසියට පැමිණිල්ලක් සිදුකර තිබේ.
 
 
පැෆ්රල් සංවිධානය පවසන්නේ මේ වනවිට ඌව මැතිවරණයට අදාළව පැමිණිලි 118 ක් තමන් වෙත ලැබී ඇති බවයි. ඉන් 75 ක්ම වාර්තා වී ඇත්තේ මොණරාගල දිස්ති‍්‍රක්කයෙනි. මැතිවරණ කාර්යාලවලට පහරදීම් 38 ක් අතුරින් පැමිණිලි 19 ක් ලැබී ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණෙනි.
 
 
කෙසේ වෙතත්, ඌව පළාත් සභා ඡන්ද විමසීමට අදාළව පොලිස් දෙපාර්තමේන්තුව වෙත මේ වනවිට ලැබී ඇත්තේ පැමිණිලි 22 ක් පමණි. මැතිවරණ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සහ මැතිවරණ නීති උල්ලංඝනය කිරීමට අදාළව එම පැමිණිලි ලැබී ඇති බව  පොලිස් මූලස්ථානය සඳහන් කළේය.
 
මොණරාගල - බඩල්කුඹුර නගරයේ ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රචාරක රැළියක් පැවැත්වීමට සැලසුම් කර තිබූ ස්ථානයකටද පසුගියදා ප‍්‍රහාරයක් එල්ල වූ අතර, පොලිසියේ වරදින් එම ගැටුම දිග්ගැස්සුණු බව කොළඹ පෙරේදා පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් නිදහස් සන්ධානයේ මහ ලේකම් අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත මහතා කියා සිටියේය.
 
 මේ අතර, මැතිවරණ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා ඉහළ යාම සම්බන්ධයෙන් පොලිස්පතිවරයා වෙත තමන් දෙවන ලිපියත් යොමුකළ බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශපි‍්‍රය මහතා සඳහන් කළේය.
Last modified on Friday, 29 August 2014 10:24

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us