2005 වසරේ මිස්ටර් ඇන්ඩ් මිසිස් ස්මිත් චිත්‍රපටයේ ප්‍රධාන චරිත දෙක රඟපෑ ඇන්ජලිනා ජොලී සහ බ්‍රැඩ් පිට් ආදරවන්තයන් ලෙස මාධ්‍ය ඉදිරියට පැමිණියේ ඉන් අනතුරුවය.
මෙම විවාහ උත්සවය ඔවුන්ගේ දරුවන්ගේද සහභාගීත්වය ඇතිව ප්‍රංශයේ කුඩා නගරයක පල්ලියකදී පැවැත්වුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
මින් පෙර ඔවුන් දෙදෙනා මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් කියා සිටියේ ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සම ලිංගිකයන් (සමරිසි) අතර විවාහ නීතියෙන් පිළිගන්න තුරු ඔවුන් විවාහ නොවන බවයි. කැලිෆෝනියා ප්‍රාන්තය පසුගිය වසරේ ජූනි මාසයේ සමරිසි විවාහ නීතියෙන් පිළිගන්නා ලදී.