ප්‍රවීන සිනමාවේදී ඇන්ඩෲ ජයමාන්න දිවිසැරියට සමුදෙයි

Published in පුවත්
Friday, 29 August 2014 09:55
මෙරට බිහිවූ විශිෂ්ඨ ගණයේ සිනමා කැමරා ශිල්පියෙකු සහ අධ්‍යක්ෂවරයෙකු වන ඇන්ඩෲ ජයමාන්න මහතා ඉතාලියේ මිලානෝ නුවරදී අභාවප‍්‍රාප්ත වී තිබේ. 
 පිළිකා රෝගී තත්ත්වයක් හේතුවෙන් ඉතාලියේ MONZA නගරයේ VIA MONTE CASSINO, NO 08 දරණ ලිපිනයේ Casa Di Cura හි ප්‍රතිකාර ලබමින් සිටියදී හෙතෙම අවසන් හුස්ම හෙළූ බව පවුලේ සාමාජිකයෙක් සඳහන් කළේය. 
 
 
1943 වසරේ නොවැම්බර් මස 9 වනදා මීගමුවේදී උපත ලැබූ ඇන්ඩෲ ජයමාන්න මහතා,  මියැදෙන විට 71 වියෙහි පසුවිය. ඔහු අවසන් කාලයේ  ජීවත් වූයේ ඉතාලියේය. 
 
 
1962 දී විජය චිත‍්‍රාගාරයේ සහය කැමරා ශිල්පියෙකු ලෙස වෘත්තීය ජීවිතය ආරම්භ කළ ඔහු,  හාරලක්ෂය, මරුවා සමඟ වාසය, හඳයා, හංසවිලක්, තුන්වෙනියාමය, සුද්දිලාගේ කතාව, විසිදැල යන චිත‍්‍රපටවල කැමරා අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කර ඇත. 
 
ඇන්ඩෲ ජයමාන්න මහතා හොදම කැමරා ශිල්පියා ලෙස චිත‍්‍රපට සම්මාන උළෙල 12 කට වැඩි ගණනකදී සම්මානයට පාත‍්‍ර වි තිබේ. 
 
 ටයිටස් තොටවත්තයන් විසින් අධ්‍යක්‍ෂණය කෙරුණු හාර ලක්‍ෂයේ චිත‍්‍රපටය ඔහුගේ විශිෂ්ඨතම කැමරාකරණය බව  විචාරකයන් පවසති.
 
 1971 දී තිරගත කෙරුණු සිගරට් කොටය කෙටි චිත‍්‍රපටයේත්, 1973 දී තිරගත කෙරුණු පිපෙන කුසුම කෙටි චිත‍්‍රපටයේත් අධ්‍යක්‍ෂවරයා වුයේද ඇන්ඩෲ ජයමාන්න මහතායි. 
 
වාර්තා චිත‍්‍රපට කිහිපයක්ද ඔහු විසින් අධ්‍යක්‍ෂණය කර ඇත. 
 
අභාවප‍්‍රාප්ත ඇන්ඩෲ ජයමාන්න මහතාගේ අවසන් කටයුතු ඉදිරියේදී දැනුම්දීමට නියමිත බව පවුලේ සාමාජිකයෙකු සඳහන් කළේය. 

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us