එජාපය, සෝභිත හිමිගේ සම්මන්ත්‍රණයට නොයයි

Published in පුවත්
Friday, 29 August 2014 09:47
මහනුවර හිංදු සංස්‌කෘතික මධ්‍යස්‌ථානයේදී ඉකුත් 26 වැනිදා පස්‌වරුවේ පැවති විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ ප්‍රථම මහජන සම්මන්ත්‍රණයට සහභාගි වීමට නියමිතව සිටි එක්‌සත් ජාතික පක්‌ෂයේ ප්‍රබලයන් සම්මන්ත්‍රණයට සහභාගි නොවීම එම සම්මන්ත්‍රණයට පැමිණසිටි පිරිස්වල කුතුහලයට හේතුවී ඇත. 
 එම සම්මන්ත්‍රණයට එන බවට නම් සඳහන් වූ එක්‌සත් ජාතික පක්‌ෂ නායකත්ව මණ්‌ඩලයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී කරු ජයසූරිය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අධිනීතිඥ ලක්‌ෂ්මන් කිරිඇල්ල යන මහත්වරු දෙදෙනා ඊට සහභාගි නොවිම ඊට හේතුවයි. 
 
මාදුළුවාවේ සෝභිත නාහිමියන් සම්මන්ත්‍රණය අමතන අවස්‌ථාවේ එජාපය ඇතුළු විපක්‌ෂයේ පිරිස්‌ අතරින් බොහෝ දෙනකු පිටව ගොස් ඇත.
 
මේ සම්බන්ධයෙන් 'ලංකා ඩේලි' කල විමසීමකදී එජාප නායකත්ව මණ්ඩලයේ සභාපති කරු ජයසුරිය මහතා කියා සිටියේ, සාධාරණ සමාජයක්‌ සඳහා වූ ජාතික ව්‍යාපාරය  සමග ඇතිකර ගත්  එකඟත්වයක් මත එම සම්මන්ත්‍රණයට නොගිය බවයි. 
 
 කෙසේවුවද මෙම සම්මන්ත්‍රණය ඇමතු සාධාරණ සමාජයක්‌ සඳහා වූ ජාතික ව්‍යාපාරයේ සභාපති මාදුළුවාවේ සෝභිත හිමියන් පැවසුයේ,  මේ රටේ යහපාලනයට පිළිලයක්‌ වී තිබෙන විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට අවස්‌ථාව ලැබී තිබෙන එකම ජනනායකයා මහින්ද රාජපක්‍ෂ මහතා බවයි. 
 
 පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලය ලැබී තිබෙන ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට මේ පිළිලය තුරන් කළ හැකි යැයි උන්වහන්සේ පැවසුහ. 
Last modified on Friday, 29 August 2014 09:55

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us