ඉහළ වැටුප් සහිත තරු පහේ හෝටල් වලින් ඇරයුම් - අදම අයදුම් කරන්න..

Published in පුවත්
Sunday, 25 February 2024 10:15

මෙරට තරු පන්තියේ හෝටල්හි පවතින සේවක පුරප්පාඩු නිසා සංචාරකයිනට නිසි ලෙස ආහාර පානාදිය ඇතුළු සේවාවන් ලබාදීමේ දුෂ්කරතාවයන්ට එම හෝටල් කළමනාකාරිත්වය පත්ව ඇති බවට මේ වන විට තොරතුරු වාර්තා වෙමින් පවතිනවා.

කළමනාකාර සේවයේ සිට මුළුතැන්ගෙය දක්වා සෑම අංශයකම සේවක පුරප්පාඩු පවතින බවත් ඒ සඳහා සුදුසුකම් සහිත සේවකයන් අයැදුම් නොකිරීම නිසා මෙම පුරප්පාඩු පුරවා ගැනීමට නොහැකි වී ඇති බවත් අදාළ හෝටල් කළමනාකාරිත්වය ආයෝජන මණ්ඩලයට දැනුම් දී තිබෙන බවයි වාර්තා වන්නේ.

මෙම තත්ත්වය උදාවී ඇත්තේ, තරු හෝටල් හි පුහුණුව ලැබූවන් බොහෝ දෙනකු විදේශ හෝටල්හි රැකියා සඳහා පිටත්ව යෑම සහ හෝටල් පාසල් හි පුහුණුව ලැබූ බොහෝ දෙනකු විදේශ හෝටල් හි රැකියා අපේක්‍ෂාවෙන් සිටීම නිසා බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල පවසන්නේ , මීට විසඳුම් ලෙස හෝටල් සේවාව පිළිබඳ පුහුණුව ලැබූ තරුණ තරුණියන් කඩිනමින් තරු හෝටල් සඳහා යොමු කරවීමට පියවර ගන්නා බවයි.

-P.M

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us