සම්ප්‍රදායික කැබිනෙට්ටුවට උඩින් අලුත් දේශපාලන කැබිනෙට්ටුක්  

Published in පුවත්
Saturday, 24 February 2024 22:22

සතිපතා පැවැත්වෙන නිත්‍ය අමාත්‍ය මණ්ඩල හමුවට පසුව දේශපාලන කැබිනට්ටුව (political cabinet) නමින් තවත් අමාත්‍ය මණ්ඩල හමුවක් පැවැත්වීමට රජය තීරණය කර තිබේ. ආණ්ඩුවේ මෙම තීරණය පසුගිය සතියේ කැබිනට්ටුවේදි ප්‍රකාශ කර ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ කැබිනට් අමාත්‍යවරු පමණක් ඊට සහභාගි වෙති. දේශපාලන කැබිනට්ටුවට කිසිම රාජ්‍ය නිලධරයකු එක්කර නොගැනීම විශේෂයකි. මෙම දේශපාලන කැබිනට්ටුවේ සාකච්ඡා කරන්නේ ඉදිරි මැතිවරණ හා රජයේ සංවර්ධන ව්‍යාපෘති කඩිනම් කිරීම සම්බන්ධයෙන් පමණි.

පළමු දේශපාලන කැබිනට්ටුවේදී ජනාධිපතිවරයා උපදෙස් දී ඇත්තේ ඉදිරියේ මැතිවරණ සමයක් එළඹෙන බැවින් ලබන ජූලි මාසයට පෙර දැනට ක්‍රියාත්මක වන සියලුම සංවර්ධන ව්‍යාපෘති අවසන් කළ යුතු වගයි. ඒ සඳහා අමාත්‍ය මණ්ඩලය දැඩි ලෙස කැපවිය යුතු වගද පෙන්වා දී තිබුණි.

මෙම දේශපාලන කැබිනට්ටුව ශ්‍රී ලංකාවට නවතම අත්දැකීමක් වුවද අතීතයේ මෙබඳු ක්‍රමයක් මහා බ්‍රිතාන්‍යයේ ක්‍රියාත්මක විය. ඒ ආදර්ශය අනුව මෙම දේශපාලන කැබිනට්ටුව ස්ථාපිත කරන ලද බවද වාර්තා වෙයි.කඩිනම් කිරීම සම්බන්ධයෙන් පමණි.

deshaya

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us