ශ්රී ලංකාවේ අමෙරිකානු තානාපති ධූරය සඳහා නව නාමයෝජනාව ශ්රී ලංකා රජයට දැනටමත් දන්වා ඇති අතර, රාජ්ය දෙපාර්තමේන්තුවේ නම් කළ මෙම තැනැත්තාට රජය සිය එකඟතාව පළ කර ඇති බවද දැනගන්නට ඇත.
චංග් මහත්මිය 2022 දී ශ්රී ලංකාවේ සිය ධුර කාලය ආරම්භ කළ අතර මේ මාසයේ සිය දෙවන වසර සම්පූර්ණ කළාය. මීට පෙර සිටි බොහෝ එක්සත් ජනපද තානාපතිවරුන් වෙනත් ස්ථානයකට පත් කිරීමට පෙර වසර තුනක ධුර කාලයක් සේවය කර ඇති අතර වසර දෙකකින් චංගේ ධුර කාලය අවසන් වීම දේශපාලන මෙන්ම රාජ්ය තාන්ත්රික කවයන් අතර සාකච්ඡා වී තිබේ.
කෙසේ නමුත් ඇය මෙරට ජනප්රිය විදේශ ධූතිකාවක විය. මෙරට ජන කොටස් සහඟ ඉතා සමීප සබඳතාවයන් පවත්වාගෙන යෑමට ඇය සමාජශීලි කාන්තාවක් විය.