සජිත් ඌව අතහැර හම්බන්තොට සැඟවේ..

Published in පුවත්
Wednesday, 27 August 2014 14:42

එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී සජිත් පේ‍්‍රමදාස මහතාට එම පක්‍ෂ නියෝජ්‍ය නායක කම දීම සම්බන්ධයෙන් වූ සාකච්චා බරපතල ගැටළුකාරී තත්වයකට පත්ව ඇතැයි වාර්තා වේ.

එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතා සමඟ ටිරාන් අලස් හා මහරාජා පැවැත්වූ මූලික සාකච්චාවලදී එකඟ වී ඇත්තේ සජිත්ට නියෝජ්‍ය නායක කම දෙන්නේ නම් රනිල් ඉලක්ක කර එල්ල කරන ප‍්‍රහාර නවත්වන බවටයි. ඒ අනුව පසුගිය දින කිහිපය පුරා මවුබිම පුවත්පත හා සිරස රූපවාහිනිය විසින් සිය රනිල් විරෝධී මෙහෙයුම නවතා දමා තිබින.

සජිත් නියෝජ්‍ය නායක කම ලබා දීම සමඟම නායකත්ව මන්‍්ඩලය අහෝසි කල යුතු බවටත්, කෘත්‍යාධිකාරී මන්ඩලයට සාමාජිකයන් දස දෙනෙකු පත් කිරීමේ බලය ඔහුටද පැවරිය යුතු බවටත් යෝජනා වී තිබින.

කෙසේ වෙතත් මේ සියල්ලට රවි කරුණානායක, මංගල සමරවීර ඇතුළු කිහිප දෙනෙක් දැඩි විරෝධය පල කිරීම නිසා පසුගිය 25 වන දිනට පෙර ලබා දෙන බවට පොරොන්දු වූ නියෝජ්‍ය නායක කම සජිත් පේ‍්‍රමදාස මහතාට ලබා දීම අතහැර දමා ඇත.

මේ හේතුවෙන් දැඩි කල කිරීමනට පත්ව සිටින පේ‍්‍රමදාස මහතා ඌවේ මැතිවරණ සටන අතහැර සුපුරුදු සෙ හම්බන්තොටට වී කාලය ගත කරන්නට පටන් ගෙන තිබේ.

(ලංකා සි නිව්ස්)

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us