ඌවේ ප‍්‍රචණ්ඩත්වය මැඩීමට පොලිසියේ කි‍්‍රයාමාර්ග

Published in පුවත්
Wednesday, 27 August 2014 14:39
ඌව පළාත් සභා මැතිවරණයට අදාලව මේ දක්වා පැමිණිලි 68ක් ලැබී ඇති බව මැතිවරණ මහලේකම් කාර්යාලය සදහන් කරයි.
 මේවායෙන් පැමිණිලි 18ක් ලැබී ඇත්තේ බදුල්ල දිස්ත‍්‍රිත්කයෙන් ය.පැමිණිලි 06ක් බදුල්ල සහ මොණරාගල යන දිස්ත‍්‍රික්ක දෙකටම පොදු ය.
 
සෙසු පැමිණිලි 44 මොණරාගල දිස්ත‍්‍රික්කයෙන් ලැබී ඇති අතර මේවායෙන් සැලකිය යුතු ප‍්‍රමාණයක් ප‍්‍රචණ්ඩ ක‍්‍රියා පිළිබඳවය.
 
මේ අතර ඉහල යමින් ඇති ප‍්‍රචණ්ඩත්වය පාලනය කිරීම සඳහා මැතිවරණ කොමසාරිස්වරයා ඊයේ පොලිසියට උපදෙස් මාලාවක් ලබාදුන්නේය.
 
නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් එම්.එම් මොහොමඞ් මහතා පවසා ඇත්තේ
 
''පසුගිය දිනවලදී මොණරාගල දිස්ත‍්‍රික්කයේ මැතිවරණ නීති උල්ලංගණය කිරීම් පිළිබදව ලැබුණු පැමිණිලි සැලකිල්ලට ගනිමින් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශපි‍්‍රය මහතා විසින් මොණරාගල දිස්ති‍්‍රක්කය තුළ ප‍්‍රධාන මාර්ග වලදී මාර්ග බාදක යොදමින් රාතී‍්‍ර කාලයේ වාහන පරික්ෂා කිරීමේ කටයුතු වල නිරත වන ලෙස පොලිස් දෙපාර්තුමේනතුවට දැනුම් දී තිබෙනවා.මගී ප‍්‍රවාහන බස් රථ හැර සියළුම පරික්ෂාවට භාජනය  කළ යුතු බව කොමසාරිස් විසින් දැනුම් දී තිබෙනවා''
 
ඌව පළාතේ දිනෙන් දින වැඩිවෙමින් ඇති මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා සම්බන්ධයෙන්  පොලිස් ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා කියා සිටියේ නිදහස් හා සාධාරණ මැතිවරණයක් තහවුරු කිරීම පොලිසියට පමණක් කළ නොහැක්කක් බවය.
 
''මේ ගැටුම් ඇති කර ගන්නේ ඒ පක්ෂවලම ආධාර කරුවෝ සමහර වෙලාවට අපේක්ෂකයෝ දන්නෙත් නැහැ ගැටුම් ඇති කර ගැනීම් ගැන,ඒ ආධාර කරුවන් පාලනය කරගෙන නීතිය කි‍්‍රයාත්මක කරගෙන පොලිසියට සහය වීම  හැමකෙනෙක්ගේම යුතුකමක් සහ වගකීමක්''
 
මැතිවරණ නීතිය නිවැරදිව ක‍්‍රියාත්මක නොකරන ස්ථානාධිපතිවරුන්ට එරෙහිව විනය පියවර ගන්නා බවද පොලිස් ප‍්‍රකාශකවරයා කියා සිටියේය. ප‍්‍රචාරක කාර්යාලය පවත්වා ගෙන යා යුත්තේ ද අදාල නීතිවලට යටත්ව බව එහිදී අවධාරණය කෙරුණි.
 
 

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us